කොරෝනා වෛරසය ආසාදනයවී ඊයේ ඒ ගැන හඳුනාගත් අවස්ථාවේම මියගිය මරදාන ඉමාමුල් අරුස් මාවතේ තට්ටු නිවාසයේ පදිංචිව සිටි 72 හැවිරිදි පුද්ගලයාගේ බෑණාටත් එක් මුණුපුරෙකුටත් කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව
අද (2) සවස සොයාගන්නා ලදි.
විදේශගතව වන්දනා ගමනකට සහභාගී වූ මෙම බෑණනුවන් එරටදී මෙම රෝගය බෝ කරගෙන මෙරටට පැමිණෙන්නට ඇතැයි සැක කෙරේ.ඔහු පසුගිය පෙබරවාරි 28 දින ශ්‍රී ලංකාවට පැමිණි පසු රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරගාවලියටද එක්වූ අතර නිවසේ වාසය කරන මාමන්ඩියට හා ඔහුගේ දරු දෙන්නාගෙන්

කෙනෙකුට රෝගය සම්ප්‍රේෂණය කර තිබුණි. ඊයේ (1) දක්වා ඔහුට කොරෝනා රෝග ලක්ෂණ පහළ නොවීම විශේෂිතය.

ඊයේ මෙම පුද්ගලයාගේ මාමන්ඩිය කොරෝනාවෙන් මරණයට පත්වූ පසුව රාත්‍රී කාලයේ ඔවුන් වාසය කළ නිවස වෙත ගිලන් රථයක් යවා එම පවුලේ සියලු දෙනා රෝහලට ගෙන්වාගෙන කොරෝනා පරීක්ෂාවට ලක් කරන ලදි. එහිදී මෙම පුද්ගලයා සහ ඔහුගේ පුතෙකු කොරෝනා ආසාදිත බව අද ලැබුණ වාර්තා අනුව හඳුනාගෙන ඇත.

එම පුද්ගලයාගේ බිරියට හා එක් දරුවෙකුට කොරෝනා සෘණාත්මකවී ඇත. විදෙස් ගතවූවන්ට රජයේ ලියාපදිංචි වීමට දන්වා තිබුණත් මොහු එසේ ලියාපදිංචිවී නොතිබූ අතරම ඔහුගෙන් මාමණ්ඩියට එය බෝවී ඇතිදැයි සැකයක් පවා අවසන් මොහොත වනතුරු පැවතී නැත.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඊයේ (01) මිය ගිය පුද්ගලයා ඇසුරුකළ පුද්ගලයින් 300 දෙනෙකු නිරෝධායනය සඳහා පූනානි කඳවුර වෙත යොමුකර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබුණි.
ඔවුන් සිටි නිවසට ගිලන් රථය යොමු කළ අවස්ථාවේ වීඩියෝව පහතින්