මත්තෙගොඩ ප්‍රදේශයේදී ඊයේ සිදුවූ පුද්ගල මරණය කොරොනා වයිරසය හේතුවෙන් වූ සිදු වූවක් නොවන බව වෛද්‍ය පර්යේෂණයන්ට අනුව තහවුරු වී තිබෙයි.



මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී අද (2) සිදු වූ අතර හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කර අනාවරණ කර ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

නමුත් මෘත දේහය අද (02) දිනයේදීම කොහුවල සුසාන භූමියේදී ආදාහනය කරන ලෙසයි හදිසි මරණ පරීක්ෂකවරයා නියෝග කර ඇත..

එමෙන්ම මියගිය පුද්ගලයා විදෙස්ගතව සිට පැමිණ ඇති බැවින්, ඔහුට වෛරසය ආසාදනය වී නොමැති වුවත් පවුලේ ඥාතීන්ට දින 14ක කාලයක් නිරෝධායනයට ලක් වන ලෙස උපදෙස් ලබා දී ඇත.