කොරෝනා වෛරසයට අදාළව අසත්‍ය ප්‍රචාරයක් සිදු කළැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ රෝහල

කොරෝනා යැයි සැක සහිත ප්‍රභූ ප්‍රද්ගලයින් සඳහා පමණක් වෙන් කර ඇතැයි කියමින් පෝස්ටු නිර්මාණය කර බෙදාහැරීම ඔහුට එල්ල කර ඇති චෝදනාවයි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයකු බව කියැවෙන මෙම සිසුවා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරන්ජලා ද සිල්වා මහත්මිය‍ වෙත ඉදිරිපත් කරන ලදුව අප්‍රේල් මස 9 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කර තිබේ.
කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ රෝහල කොරෝනා යැයි සැක සහිත ප්‍රභූ ප්‍රද්ගලයින් සඳහා වෙන් කර ඇතැයි පළවූ අසත්‍ය පුවත නිසා එම රෝහලේ අධ්‍යක්ෂවරයාට පවා මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත් කරන්නට සිදුවිය. ඒ ගැන ක්ලියර් නිවුස් ඩොට් එල්කේ පුවත මෙතැනින්