වැලිසර නාවික හමුදාවේ සේවය කළ සෙබළුන් 30 දෙනෙක් නව කොරෝනා වෛරසය වැලදී ඇති බවට
සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර තිබේ.
ඊයේ (22) දිනයේදී පොළොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත නාවික සෙබලා සහ තවත් 29 දෙනෙකු ඒ අනුව හදුනාගෙන ඇත.
මෙලෙස නාවික හමුදා නිලධාරින් 30 දෙනෙක්ට එකවර කොරෝනා වෛරසය වැලදී තිබීම විශේෂ සිදුවීමකි.
මේ අයට කොරෝනා වැළදෙන්නට ඇත්තේ සුදු වැල්ල ප්‍රදේශයේ පසුගියදා කොරෝනා වැළඳුණ පිරිස් නිරෝධායන කාර්යයට යොමුකිරීමට රාජකාරී මට්ටමින් දායකවීම නිසා බවද හමුදාපතිවරයා කීය.
දැනට නිවාඩු ගෙන සිටින සෙබළුන්ද ගෙන්වා පීසීආර් පරීක්ෂණ ඉදිරියේදී සිදු කරන බව කීය.
ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුර සම්පුරණයෙන් හුදෙකලා කිරීමට නාවික හමුදාපතිවරයා පියවර ගෙන ඇත.
මෙම ගණන තවම සම්පූර්ණ අගයට එකතු කර නැත.
නාවික හමුදාවේ 30 දෙනෙකුට කොරෝනා වැළඳුණ බව හමුදාපතිවරයා පැහැදිලි කළ අයුරු වීඩියෝව පහතින්