පවතින තත්වය සලකා බලා කොරෝනා වසංගතය පාලනය කිරීමට දැන් පවතින නීති ලබන අප්‍රේල් 19 න් පසු ලිහිල් කිරීමට හැකියාව පවතින බව ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික
ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී 2020 අප්‍රේල් මස 09 වන දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී කියා සිටි අදහස් අනුව පෙනීයයි. ඇය එය පැහැදිලි කළේ මෙසේය.


'පසුගිය 19 වෙනිදා සිට ගුවන් තොටුපල වසා දමා 20 වෙනිදා සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමත් සමඟ පුද්ගලයින්ගේ සංචරණය සම්පූර්ණයෙන්ම සීමා වුණා. මාර්තු මස 19 දින සිට අප්‍රේල් මස 19 වෙනිදා දක්වා දින 30 ක කාලය ඇතුලත මේ රටේ සංචරණය සීමා වී තිබෙන නිසා කොවිඩ් රෝග ලක්‍ෂණ හඳුනාගැනීමට දින 30 ක කාලය ප්‍රමාණවත් . එසේම යම් පුද්ගලයෙකු කොවිඩ් රෝග ලක්‍ෂණ තිබි එය පහව යාමටත් දින 30 ක කාලය ප්‍රමාණවත් බව වෛද්‍ය නිර්දේශයයි.
ඒ නිසා, අප්‍රේල් මස 19 වෙනිදා දක්වා රජය විසින් පනවා ඇති නීතිරීති වලට අවනත වී සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිබඳව සැලකිලිමත් වී මෙම නිරෝධායන වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.'

මෙම මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ විස්තරය මෙතැනින්