කොරෝනා වැළඳී ඇති පුද්ගලයෙකු  මහරගම අපේක්ෂා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණ
වෛද්‍යවරුන්ට අසත්‍ය ප්‍රකාශ කිරීම නිසා එම රෝහල් කාර්ය මණ්ඩල 14 දෙනෙකු නිරෝධායනයට
යොමුකර ඇතැයි වාර්තා වෙයි.

පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ සාරද කන්නන්ගර දන්වා සිටියේ නිරෝධායනයට යොමු කළ පිරිස අතර වෛද්‍යවරුන් 4 දෙනෙක් සහ හෙදියෝ 6 ක්ද සිටින බවයි.රෝගීන්ට දිනපතා කෙරෙන ප්‍රතිකාර අඩාල කරවන්නට මෙම සිදුවීම හේතුවී ඇත.
මහරගම අපේක්ෂා රෝහලට කිසිදු බාහිර පුද්ගලයකුට නොපැමිණෙන ලෙස එහි විශේෂඥ වෛද්‍යවරු ජනයාගෙන් බැගෑපත් ව ඉල්ලීමක් කර තිබුනේ පසුගිය 20 වනදාය.
වාට්ටුවල රැඳී සිටින රෝගීන් ගැන විමසා බැලීමට හෝ බාහිර පුද්ගලයකුට එහි නොපැමිණෙන ලෙස ඔවුන් අනතුරු අඟවා තිබුනේ පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ ආරක්ෂාව ගැන වැඩිදුර කල්පණා කිරීමෙනි.
රෝහලේ සිටින රෝගියකුට කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් මහත් විනාශයක් දක්වා එය වර්ධනය විය හැකි බව ඔවුන් දන්වා තිබුණි.
පිළිකා රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය දුර්වල බැවින් එවැන්නක් ඉතා ඉක්මණින් ව්‍යාප්තවනු ඇති බව ඔවුන්ගේ අදහස විය.