කොරෝනා වෛරසය ආසාදිත බවට අද හඳුනාගත් අය අතර පසුගිය තුන්වනදා
මීගමුව

මහ රෝහලට ඇතුළත් වූ අක්කරපණහ ගම්මානයේ වයස අවුරුදු 4ක පමණ කුඩා දරුවෙකු සිටින බව වාර්තාවේ.
මීට අමතරව කොළඔ ප්‍රදේශයෙන් දෙදෙනෙක්ද, පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායනය මධ්‍යස්ථානයෙන් එක්අයෙක්ද, මාතර අකුරැස්ස ප්‍රදේශයෙන් තවත් අයෙක්ද , මීගමුව මහ රෝහලෙන් තවත් අයෙක් ද අද හඳුනා ගෙන තිබෙයි.
පුත්තලම සහිරා ජාතික පාසලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටින දරුවන් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට සනාථ වි ඇත්තේ වයස අවුරුදු 11 ක පිරිමි දරුවකු හා අවුරුදු 9 හා 5 ගැහැනු දරුවන් බව කියයි.

මෙම දරුවන් තම මව්පියන් සමග සහිරා ජාතික පාසලේ නිරෝධායනය වෙමින් සිටි දරුවන් බව කියයි.
මෙම දරුවන් තිදෙනා මුල්ලේරියාව රෝහලට යොමු කර ඇති අතර
පෙර කී තිදෙනෙක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.