පසුගියදා ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ 03 වන කොරෝනා මරණය ලෙස මරදාන ඉමාමුල් අරුස් මාවතේ තට්ටු නිවාසයක පදිංචිව සිටි 72 හැවිරිදි පුද්ගලයකු මියගියේය.

පසුව සිදු කළ පරීක්ෂණ වලදී එම පුද්ගලයාගේ

බෑණාටත් එක් මුණුපුරෙකුටත් කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව සොයාගන්නා ලදි.


 අතරවාරයේ මියගිය පුද්ගලයාගේ ඥාති පුද්ගලයෙකු හා බිරියකද මෙම ස්ථානයේ පදිංචිව සිටි අතර එම බිරිය ගැන සිදු කරන ලද පරීක්ෂණයකදී  වෛරසය ආසාදනය වී ඇත. මේ බවට තහවුරු වීමෙන් පසු ඒ ගැන වැඩිදුර විමර්ශනය වෛද්‍යවරුන් විසින් සිදු කර තිබෙයි.
මෙම කාන්තාව හා සැමියා මරදාන ඉමාමුල් අරුස් මාවතේ පෙර කී නිවසේම දිගටම රැඳී සිට ඇති අතර කොරෝනා ආසාදනය ඒ අනුව සිදුව තිබේ.