ණමල්විල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයකු ඇතුළු පස් දෙනෙකු 12 හැවිරිදි මන්දමානසික දැරියක අතවරයට ලක්කිරිම පිළිබද පොලිස් පරීක්ෂණ අනුව ඊයේ දෙදෙනෙකු අත්අඩංගුවට පත් විය.
සෙවනගල කිරිඉබ්බන් වැව කැටගල් ආර ගම්මානයේ 
වයස අවුරුදු 12ක් මාස 8ක් වයසැති මන්ද මානසික
දැරිය විටින් විට කිපවරක් අතවරයට ලක්කර තිබූ
බවට කරුණු අනාවරණය වූ අතර මෙම අකටයුත්ත සිදු කර තිබුනේ ශ්‍රීපොජපෙ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයාත් මහවැලි අධිකාරියේ රියදුරෙකුත් දැරියගේ ඥාති සොහොයුරෙකුත්ය. මීට අමතරව දැරියට නෑකමින් සීයා කෙනෙකු වන අයෙකු තවත් පාසල් යන සිසුවකු සහ ව්‍යාපාර සේවකයෙකු විසින් දැරිය කලක් තිස්සේ මෙම කටයුත්තට හවුල් කරගෙන තිබේ.

ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා මානවහිමිකම් උපදේශක වරයකු වශයෙන්ද කටයුතු කරන බව පොලිසිය සොයාගෙන තිබේ. සෙවනගල පොලිසිය ඊයෙ [6] පරික්ෂණ ආරම්භ කර දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් අය සියල්ල තවම අත්අඩංගුවට ගෙන නැත.

කාලයක් තිස්සේ දැරිය රවටා අතවරයන් සිදු කර තිබූ අතර දැරියගේ පියාට සහ සොහොයුරකුට මේ බව දැනගැනිම නිසා සියල්ල අනාවරණය විය.
මේ වනවිට දැරිය හම්බන්තොට මහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇත.  රෝහල් පොලිසිය විසින් සෙවනගල පොලිසියට කරන ලද දැන්විමට අනුව පෙරකී දෙදෙනා හසුවුවද තණමල්විල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා මහවැලි අධිකාරි රියදුරා ඇතුළු අනිත් දෙදෙනා පොලිසිය මගහැර සැගවි සිටින බව පැවසේ.

 මේ පිළිබද ප්‍රදේශවාසින් ඊයේෙ 7 වනදා කිරිඉබ්බන් වැව කැටගල් ආර හන්දියේදී විරෝධය දක්වමින් වහාම මොවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එසේ නොකරන්නේ නම් ගම්වාසින් සියලු දෙනා එකතු කොට දැඩි විරෝධතාවයක් පවත්වන බව කියා ඇත.

සෙවනගල එස් කුට්ටපිටිය