හලාවත ඉරණවිල ඉදිකළ කොරෝනා ප‍්‍රතිකාර රෝහල ජනතා අයිතියට පත් කෙරුණා.

ඇමරිකන් හඬ සම්පරේෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය භූමියේ පිහිටි ගොඩනැගිලි මුල් කරගනිමින්
මෙම ප‍්‍රතිකාර රෝහල ඉදිකර තිබෙනවා.
වෛරසය ආසාදිතයින් 50 දෙනෙකුට පමණ එකවර ප‍්‍රතිකාර ලබාදිය හැකි පහසුකම් ඊට ඇතුලත්. යුධ හමුදාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව කටයුතු කිරිම හේතුවෙන් දින 10 ක් වැනි කෙටි කාලයකදී මෙම රෝහල පිහිටුවීමට හැකි වීම විශේෂත්වයක්.

කොරෝනා ව්‍යප්තිය පාලනය කිරිමට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ මෙන්ම ආරක්ෂක අංශවල කැපවීමද අගය කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද මෙහිදී අදහස් පළකළා.

ඇමරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය අක්කර 400ක භූමි ප‍්‍රදේහයක් තුළ පිහිටා තිබෙනවා.