ඉතාලියේ කොරෝනා වසංගතය හමුවේ පනවා ඇති වැඩ කටයුතු සීමා කිරීමේ නීතිය  (LOCKDOWN)  පවතින අතරවාරයේ එරට නිවාස සංකීර්ණයක සාද පැවැත් වූ ශ්‍රී ලාංකිකයන් 11 කු හට එරට පොලිසිය විසින් යූරෝ 40 සිට  3000කට
ඇතුළත් වන ආකාරයේ දඩයක් නියම කර තිබේ.


ඉකුත් 19 වැනිදා මෙම සාදය පැවතී ඇති අතර පොලිසිය විසින් සාදය අතරවාරයේ දී නිවස ඇතුළු වී මෙම වැටලීම කර තිබෙන අතර අසල්වාසී පුද්ගලයෙකුගේ පැමිණිල්ලක්  යටතේ මෙම වැටලීම සිදුකළ බව එරට පොලිසිය පවසයි.

මෙම පිරිසට වෙනත් නිවසක අය තම නිවසට ගෙන්වා ගැනීම, තම නිවසෙන් පිට වෙනත් නිවසකට යාම නිසා ස්වයංනිවාසි අඩස්සි නීතිය කඩ කිරීම, එකම ස්තානයක සිටිය යුතු ප්‍රමාණයට වඩා රැස්වීම, රත්‍රී අන් අයට කරදරකාරී ලෙස ශබ්ද කිරීම සහ සාද පැවැත්වීම යන එරට නීති උල්ලංඝනය කිරීම යටතේ මෙම දඩ මුදල් පනවා ඇතැයි ඉතාලියේ තානාපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.