ලොක් ඩවුන් නීති රීති නිසා ලංකාවට පැමිණීමට නොහැකිවූ ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 101 දෙනෙකු මේ වනවිට මෙරටට පැමිණෙමින් සිටිනවා.

ඔවුන් රැගෙන ඒමට උදෑසන 6.15 ට පමණ යූ.එල්. 1145 දරණ මෙම ගුවන් යානය ඉන්දියාවේ අම්රිට්සාර්

බලා පිටත්ව ගියේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුලූ සමස්ත කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අටදෙනෙකු සමඟයි.
මෙම යානය පස්වරු 2.55 ට යළි කටුනායක ගුවන් තොටුපලට පැමිණීමට නියමිත බව වාර්තා විය.
සිරව සිටින ශ්‍රී ලාංකික සිසුන් නැවත ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඊළඟට නේපාලය
බලා ගුවන් ගමනක් සැලසුම් කර ඇත.
පැමිණෙන අතර ගුවන් යානයේදී ලබාගත් ඡායාරූපයක් පහතින්