ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ නවක සිසු පසිඳු හිරුෂාන් තරුණයාගේ හිසට
ටයරයක් වැදී බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සාදය සංවිධානය කළ ජ්‍යෙෂ්ඨයින් නියෝජනය කරන එම සරසවියේ මහා ශිෂ්‍ය සංගමය ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන ලදි.
මෙම මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා

මෙම සිදුවීම 'අනතුරක්' ලෙස නම් කළ අතර එයට කිසිවෙකු වගකිව යුතුද නැත්ද යන්න ගැන පැහැදිලි කිරීමක් කළේ නැත.
ඔහු ජ්‍යෙෂ්ඨයින් නියෝජනය කරමින් කළ එම ප්‍රකාශය අනතුරට පත් සිසුවාගේ සොයුරා අතින් මෙන්ම සමාජ මාධ්‍ය තුළද විවේචනයට ලක්ව ඇත.
එහිදී හිෂ්‍ය සංගම් නියෝජිතයා ලබා දෙන පිළිතුරු මෙසේය.
ටයර් එක ගිහිල්ලා ඒ සහෝදරයගෙ වැදිල තියෙන්නේ ඒ සහෝදරයගෙ නොසැලකිල්ලක් වෙන්න පුළුවන් නැත්නම් වෙනත් සහෝදරයෙක්ගෙ නොසැලකිල්ලක් වෙන්න පුළුවන්. ඒ නිසාවෙන් තමා මේ අනතුර වෙලා තියෙන්නෙ.
ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයො මේ අවස්ථාවෙ හිටියද නැද්ද?
බීමතින් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයො හිටියද කියල එහෙම පැහැදිලිව මට කියන්න හැකියාවක් නැහැ.
කවුද කළේ කියල දන්නවද?
නිශ්චිතවම අපි දන්නෙ නැහැ.
ඒ කියන්නෙ සහෝදරයො කිහිප දෙනෙක් එතැන ඉඳලා තියනවා ඒ සහෝදරයෙක්ගෙ අතින් තමයි සිදුවීම වෙලා තියෙන්නෙ.