සුගිය දිනවල සමාජ ජාලා තුළ සංසරණය වූ වීඩියෝවකින් නිරුවතින් සිටින කාන්තාවක පාරේ ඇදගෙන යන අයුරුත් ඇයට වද දෙමින් හිංසනයට ලක්කරන අයුරුත් දිස් විය.
මෙම වීඩියෝව මගින් නිරූපිත දේ පිළිබඳ නිසි විස්තර ප්‍රසිද්ධ නොවූ නිසා මෙය එක් එක් අය විවිධ ලෙස අර්ථ ගන්වා තිබූ අතර කාන්තාවට පිරිසක් පහරදීම
හෙළා දැක තිබුණි.
කෙසේ වෙතත් මෙම සිද්ධියට පසුබිම් වූ කතාව වෙනස් එකකි.
තොටළඟ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට සිවිල් ඇඳුමින් සැරසී ගොස් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් මගහැර යාමට මෙම කාන්තාව නිරුවක් වී තිබෙන අතර පොලිසිය අල්ලන්ට ආවොත් එය අපයෝජනයක් ලෙස දක්වා පලා යාහැකි නිසා එම උපාය යොදන්නට දැරූ උත්සාහයක් ලෙස මෙම සිද්ධිය හදුනාගන්නට ලැබේ.
මීගමුව ප්‍රදේශයේ මියගිය පාතාල සාමාජිකයකු වූ මීගමුවේ ලීනස්ගේ  බිරිය වූ බව කියන මේ කාන්තාවට එරෙහිව කොල්ලකෑමකට අදාළ නඩුවක්ද තිබී ඇති අතර මත්ද්‍රව්‍ය වෙළදාමේ නිරතවීම නිසා පොලිස් වැටලීම සිදු කර තිබේ.
ඉකුත් 16 වැනිදා පෙරවරු 11.30ට පමණ ඇය සහ තවත් අයකු හෙරොයින් සිය සන්තකයේ තබාගෙන
යතුරුපැදියකින් ගමන් ගන්නා බවට වරාය පොලිසියට ලද
තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී මෙම සිද්ධිය වාර්තා විය.

වරාය පොලිසිය විසින් අනෙක් පුද්ගලයා හෙරොයින් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ අතර නිරුවත්වී පොලිසියට අල්ලන්නට බැරිවන ලෙස හැසිරීම නිසා ඇයට කියට්ටුවන්නට බැරිවී ඇත. ඇය තමා අතවරයට ලක් කරන බවට ව්‍යාජ රංගනයක නිරතවූ බවද වාර්තා විය. ඇයගේ විරෝධතාව හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.

පොලිස් නිලධාරින්ට නිරුවත පෙන්වමින්
පොලිස් නිලධාරීන්ට අසූචි සහ ගල් ප්‍රහාරයක්ද එල්ල කර ඇය මෙසේ එම ස්ථානයෙන් පලාගොස් තිබිණි.
අනතුරුව හලාවත, මදුරන්කුලිය ප්‍රදේශයේ ඇයට අයත් නිවෙසක සැඟවී සිටියදී ලද තොරතුරක් මත ඇය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාව මෙම 31දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස, කොළඹ අංක 4 අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා සිල්වා මහත්මිය ඊයේ (19දා) නියෝග කළාය.
සැකකාර කාන්තාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙසටද අධිකරණය නියම කළේය.