දිවයිනේ සියලු ඉස්ලාම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා යාඥාව අද (20) සිට නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බව ජමියතුල් උලමා සංගමය පවසයි.


එම සංගමයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ මේ වන විට රට තුළ පවතින කොරෝනා වෛරස් තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි.

සිකුරාදා ජුම්මා යාඥාව මෙන්ම, ඉස්ලාම් බැතිමතුන් දිනපතා සිදුකරන යාඥාවන් ද තම තමන්ගේ නිවෙස්වලදීම සිදුකරන ලෙසත් ජමියතුල් උලමා සංගමය ඉල්ලා සිටීයි.