[Trending][btop]
[News][stack]

🔥 කටුනායක ගුවන් තොටුපළ සති 2 කට අගුළු දමයි

ද (17) සිට ක්‍රියාත්මක වන පරිදි  සති දෙකක්  යනතුරු කටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වසා දැමීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකදී
ජනාධිපතිවරයා මේ බව කීවේය.
අද (17)සිට 31 දක්වා සති දෙකක් යන තුරු ශ්‍රී ලංකාවට

පැමිණිමට නියමිතව තිබු සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
මේ අතර දඹදිව වන්දනාවේ ගොස් සිටින පුද්ගලයින් 891 දෙනකු සිටින බව වාර්තාවී තිබෙන අතර ඔවුන් ගෙන්වීමේ කටයුත්ත පමණක් ඉදිරි දිනවල සිදුවනු ඇත. ඔවුන් යළි කඩිනමින් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා වැඩිම මගීන් ප්‍රමාණයක් ගෙන ආ හැකි විශේෂිත ගුවන් යානා දෙකක් යොදවන බවද  ජනාධිපතිවරයා සඳහන් කළේය.
පසුගිය දින කිහිපයේදී විශාල පිරිසක් විදෙස් රටවල සිට මෙරටට පැමිණ ඇති අතර නිරෝධායනය කිරීම සඳහා ඔවුන් සිටින ස්ථාන සොයා ගැනීම සඳහා රජයට විශාල වෙහෙසක් දැරීමට සිදුව ඇති බව මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
මේ අතර පසුගිය සති කිහිපයේ සිට කොරෝනා පැතිරවීමට ඉඩ තිබෙන රටවල් වල සිට  ඊයේ රාත්‍රී දක්වා ලංකාවට පැමිණීම තහනම් කරන්නට බොහෝ ගුවන් සමාගම් වෙත පණිවිඩ යොමු කර තිබූ අතර ඒ ලැයිස්තුව පහතින් දක්වා ඇත.
මේ හේතුවෙන් අදාළ රටවල සිට පැමිණෙන්නට ගුවන් ටිකට්පත් වෙන්කිරීමක් සිදුව නැත.
ලංකාවට පැමිණීම සදහා සූදානමින් සිටි පිරිස විශාල වශයෙන් අපහසුතාවයට පත්වීමක් මෙම අගුළුදැමීම නිසා ඒ අනුව සිදුවන්නේ නැත.

Travel banned Countries to Sri Lanka

    Italy (14/03/2020 - 28/03/2020)
    South Korea (14/03/2020 - 28/03/2020)
    France (15/03/2020 - 29/03/2020)
    Spain (15/03/2020 - 29/03/2020)
    Germany (15/03/2020 - 29/03/2020)
    Switzerland (15/03/2020 - 29/03/2020)
    Denmark (15/03/2020 - 29/03/2020)
    Netherlands (15/03/2020 - 29/03/2020)
    Sweden (15/03/2020 - 29/03/2020)
    Austria (15/03/2020 - 29/03/2020)
    United Kingdom (16/03/2020 - 30/03/2020)
    Belgium (16/03/2020 - 30/03/2020)
    Norway (16/03/2020 - 30/03/2020)
    Qatar (17/03/2020 - 31/03/2020)
    Canada (17/03/2020 - 31/03/2020)
    Bahrain (17/03/2020 - 31/03/2020)