කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැක සහිතව රෝහල් ගත කර පරීක්ෂණය සිදුකරමින් පැවති
කාන්තාවක කොළඹ කාසල් මාතෘ රෝහලේදී බිළිඳෙකු ප්‍රසුත කර තිබේ.
ඇගේ සැමියා ඉතාලියේ රැකියාවක් කරන අතර මෑතකදී ඉතාලියට ගොස් නැවත පැමිණි පසුව එම කාන්තාවට කොරෝනා වෛරසයට සමාන රෝග ලක්ෂණ මතුව තිබේ.
දරු ප්‍රසූතිය සිදුකරන්නට ආසන්න අවස්ථාවක ඇයට මේ රෝග ලක්ෂණ පහළවීම හේතුවෙන් වෛද්‍යවරුන් වඩාත් ප්‍රවේසම්කාරී ලෙස දරු ප්‍රසූතිය සිදුකරවූ අතර ආරක්ෂක ඇදුම් ඇඳගෙන එය සිදු කර තිබුණි.
ගැබ් ගෙන සිටි එම කාන්තාව ඊයේ දිනයේදී සිය දරුවා ප්‍රසුත කරන ලදි.
දරු උපත නිරෝගීව සිදුවූ බවද වාර්තා විය.
දරු ප්‍රසූතියෙන් පසුව කාන්තාවගේ කොරෝනා සාම්පල පරීක්ෂණයේ ප්‍රතිඵලය ලැබී තිබූ අතර එම රෝගය ඇයට වැළදී නොතිබූ බව එහි සටහන් වූ බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ ප්‍රකාශ කර සිටියේය.