කොරෝනා වෛරසය ආසාදිත බවට මෙරටින් හඳුනාගත් රෝගීන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවත් ඔවුන් දෙදෙනා නිව්මෝනියා තත්ත්වයෙන් පෙළෙන බවත් සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.
එම දෙන්නා
කවුදැයි හෙළි කර නැත.
මේ වනවිට රෝගීන් 72 ක් කොරෝනා පරීක්ෂණ තුළින් වෛරසය වැළදී ඇති බව තහවුරුවී ඇති අතර
 සැකකෙරෙන පුද්ගලයින් 218 දෙනෙකු රෝහල්ගත කර පරීක්ෂණ සඳහා සාම්පල් යොමු කර තිබේ.

අංගොඩ, අයි ඩී එච් රෝහලේ 88 ක්, පොළොන්නරුව මහ රෝහලේ  21 ක්, කොළඹ ජාතික රෝහලේ 12 ක්, රාගම ශික්ෂණ රෝහලේ 16 ක්, අනුරාධපුර ශික්ෂණ රෝහලේ 17 ක් ගම්පහ 19 ක් සහ මීගමුව මහ රෝහලේ 13 දෙනෙකු ප‍්‍රතිකාර ලබමින් සිටී.
පළමු චීන ජාතික කාන්තවගේ සිට 72 වන රෝගියා දක්වා සෞඛ්‍ය අංශ හෙළි කළ විස්තර ඇසුරින් වයස, ගැහැණු පිරිමිබව සහ ප්‍රදේශය ඇතුළත් සටහන පහතින්