කොරෝනා රෝගීන්ගේ වැඩිවීමේ අවදානමට සුදානමක් ලෙස හෝමාගම මූලික රෝහල කොරෝනා සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙයි.

අංගොඩ අයිඩීඑච් රෝහලට අමතරව මුල්ලේරියාවේ

රෝහලත් අනතුරුව හෝමාගම මූලික රෝහලත් මේ ආකාරයට කොරෝනා වැළදුණ රෝගීන් වෙනුවෙන් වෙන්කරන්නට නියමිතය.
සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි රෝහල වෙත නිවේදනය කර තිබෙන්නේ දින දෙකක් තුළ එම රෝහල තුළ සිටින නේවාසික රෝගීන් නිවෙස් වලට යැවීමේ හැකියාව සලකා බලා ඔවුන් නිවෙස් වලට යවන ලෙසත් , අනෙක් රෝගීන් අවශ්‍ය වෙනත් රෝහල් වලට මාරු කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත්ය. දැනට සැලසුම් කර ඇති ශල්‍යකර්ම හා වෙනත් ප්‍රතිකාර නැවැත්වීමටද දන්වා ඇත.
 මාසයකට ඖෂධ ලබාදී සායන නවත්වන ලෙසත් දන්වා ඇත.