https://www.gossiplankanews.com/2020/03/corona-sri-lanka-italy.html#more
කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකික කාන්තාව ඉතාලියෙන් වාර්තා වන බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද දින තහවුරු කර තිබේ.
46 හැවිරිදි වියේ පසුවන බව කියන ඇය ඉතාලියේ සේවය කරමින් සිට ඇත්තේ 'කෙයාර් ටේකර්' රැකියාවක වන අතර
ඇය රැක බලාගනිමින් සිටි

ඉතාලි ජාතික කාන්තාවට මුලින්ම කොරෝනා වෛරසය ආසාදනය වූ බවත් පසුව ඒ හරහා ඇයටද මෙය බෝවී ඇති බවත් වාර්තා විය.
මෙම ඉතාලි ජාතික කාන්තාවගේ මුණුබුරාටද  කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට අනාවරණය වී ඇත.
ඉතාලියේ බ්‍රෙක්සීල් ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික කාන්තාව  මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව එහි සිටින ශ්‍රී ලාංකික ශ්‍රීමාල් පතිරාජ මෙරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයද ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව තහවුරු කර තිබේ.
අසනීප තත්වයට පත් කාන්තාව ලංකාවේ හොරණ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර ඇගේ සැමියා ද සමඟ පසුගිය වසර 10ක කාලය තුළ ඉතාලියේ පදිංචිව සිටින බව පැවසේ.
අද වනවිට ආසියාවෙන් පිටත කොරෝනා වෛරසය ඒ වේගයෙන්ම ව්‍යාප්ත වන රට බවට ඉතාලිය පත් වී තිබේ.