ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අරමුණු සහ පරමාර්ථ වලට ඔහු බලාපොරොත්තු වෙන දේශපාලන
සංස්කෘතියට ගැළපෙන මිනිසුන්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවක් ඉදිරි මහ මැතිවරණයෙන් පසු නිර්මාණය වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ උත්සව අවස්තාවක් අමතමිනි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද ‘උකුසු’ ප‍්‍රකාශයටද ඔහු එහීදී ප‍්‍රතිචාර දැක්වීය.

“උකුස්සා රජ කරද්දි මේ ඇතිවුනු සෞඛ්‍ය අර්බුදය ආවානම් හැසිරෙන ආකාරය බලාගන්න තිබ්බා. පාස්කු සිදුවීම දැනගෙන සිටි උකුස්සා එය වලක්වා නොගෙන බකන් නිලාගෙන සිටි බවත් පැවසීය.

මීළඟ මහ මැතිවරණයේදී උකුස්සන් හා කටුස්සන් ගෙදර යැවිය යුතු බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දී තිබෙන ආදර්ශය අනුව රටට අවශ්‍ය කරන රට වෙනුවෙන් කැපවන පුද්ගලයන් පාර්ලිමේන්තුව එවීමට ජනතාව තීරණය කර ඇතැයිද ඔහු සඳහන් කළේය.