[Trending][btop]
[News][stack]

🔥 ලංකාවේ කොරෝනා වැළඳුන දෙවැනියා තහවුරුයි මත්තෙගොඩ රණසිංහ සමග නැවතී සිටි අයෙක්

නව කොරෝනා වෛරසය වැළදී දැනට IDH රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයා සමග නවාතැන් ගෙන සිටි තවත් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට
තහවුරු වූ බව

සෞඛ්‍ය ‍සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කරයි.
කොරෝනා වෛරසය ආසාදනය වී දැනට අයි.ඩී .එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින මත්තෙගොඩ රණසිංහ මහතා සමඟ මෙම පුද්ගලයා පසුගිය දිනවල රියදුරන්ට වෙන් කළ හෝටල් නිවස්නයක නවාතැන්ගෙන සිටි බව පැවසෙන අතර ඔහුට රෝගය වැළඳෙන්නට ඇත්තෙ එහිදී බව සැක කෙරේ.
මෙසේ ආසාදනය වි ඇත්තේ වයස අවුරුදු 44 ක පුද්ගලයෙකුට වන අතර ඔහු ගැන වැඩිදුර තොරතුරු තවම අනාවරණය නොවේ.
මත්තෙගොඩ රණසිංහ මහතා ගමන් කළ හා ඇසුරු කළ අය කොරෝනා ඇතිදැයි පරීක්ෂාකාරී වන ලෙස ඊයේ රජය දන්වා තිබුණි. ඒ අනුව ඔහු පසුගිය දිනවල සැරිසැරූ ස්ථාන පහත නැවත පළකර සිටිමු
25/02 Amaya Lake, Dambulla
26/02 – Amaya Lake, Dambulla
27/02 – Amaya Lake, Dambulla
28/02 – Royal Kandyan , Kandy
29/02 – Royal Kandyan , Kandy
3/03 – Amaya Lake, Dambulla
4/03 – Amaya Lake, Dambulla
5/03 – Amaya Lake, Dambulla
6/03 – Royal Kandyan , Kandy
7/03 – Royal Kandyan , Kandy
02/03 from Dickwella resort