ශ්‍රී ලංකාවේදී කොරෝනා වැළඳී දෙවැනියා ලෙස කොරෝනා වෛරසයට ගොදුරු බවට අද (12) දිනයේදී හඳුනාගනු ලැබූ 44 හැවිරිදි පුද්ගලයා ඊට පෙර එම වෛරසය වැලදී ඇති බවට තහවුරුවූ ජයන්ත රණසිංහ
මහතා දඹුල්ලේ හෝටලයක  නවාතැන්ගෙන සිටියදී  රෝගය වැළදී ඇති බවට අනාවරණයවී ඇත. වැඩිදුර විමසා බැලීමේදී දඹුල්ල ප්‍රදේශයේ පිහිටි අමායා ලේක් හෝටලයේ මෙම දෙදෙනා එකට නවාතැන් ගෙන සිට ඇති බවට තොරතුරු අනාවරණයවී තිබේ.


ඉතාලියානු සංචාරකයින් සමග ජයන්ත මහතා ගමන් ගත් මුල් සංචාරයේදී කොරෝනා වැළඳෙන්නට ඇති බවටත් ඔහු ඒ බව නොදැන දෙවැනි සංචාරයටද එක්වී දඹුල්ලේ හෝටලයටද ගොස් ඇති බවත් මේ අනුව කරුණු අනාවරණය වෙමින් පවතී.
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ දෙවන රෝගියාට එම වෛරසය පළමුව වාර්තාවූ පුද්ගලයාගෙන් වැළදෙන්නට ඇති බවට විශ්වාස කරන බවයි. දෙවන රෝගීයා ද සංචාරක මගපෙන්වන්නෙක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියේය.
මේ වන විට එම පුද්ගලයා ඇසුරු කළ පුද්ගලයින් සහ ඔහු ආගිය ස්ථාන සම්බන්ධයෙන් විස්තර ලබා ගනිමින් සිටින බවද වාර්තා විය.