ද උදෑසන හෙළි කෙරුණ ලංකාවේ වාර්තා වූ ප්‍රථම ශ්‍රී ලාංකික කොරෝනා අසාදිතයා ගැන වැඩි විස්තර අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේය.
මෙම පුද්ගලයාගේ
පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය නිසා සීමිත කරුණු පමණක් ඔහු හෙළි කිරීමට වග බලාගත් අතර මොහු කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු බව පමණක් හෙළි කළේය.
මේ වන විට එම පුද්ගලයාගේ කොළඹ නිවසේ පවුලේ සාමාජිකයින් නිවසේ රඳවා ගනිමින් නිරෝධානය කිරීමේ වැඩපිලිවලක් ආරම්භ කර ඇති බවද ජාසිංහ මහතා කීය.
රෝගී පුද්ගලයා ඉතාලි

ජාතිකයින් පිරිසක් සමග ලංකාවේ තැන් තැන්වලට ගොස් සිය සංචාරක මාර්ගෝපදේශ රැකියාව සිදු කර තිබූ අතර එසේ යන ගමනට එක්වූ ඉතාලි ජාතිකයෙකු හරහා මොහුට කොරෝනා වෛරසය බෝවන්නට ඇති බවට ජාසිංහ මහතා සැක පහළ කළේය.
 පසුගිය දින කිහිපය තුළ ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව මේ කියන ඉතාලි සංචාරකයින් පිටත්ව ගොස් ඇති අතර පසුගිය 09වැනිදා මොහුට උණ රෝගයක් හේතුවෙන් අංගොඩ IDH රෝහලට ඇතුළත් කර තිබුණි.
අනතුරුව කරන ලද ‌වෛද්‍ය පරීක්ෂණ වලින් පසුව ඔහුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව තහවුරු
වී ඇත.
ඔහු සමග ගමන් ගත් ඉතාලි ජාතිකයින් ගමන් කළ ස්ථාන සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු එක්රැස් කරමින් සිටින බවද සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේය.