ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ නවක සිසුවකු වූ පසිදු හිරුෂාන් තරුණයාගේ හිසට ටයරයක් යොමු කර බරපතල තුවාල සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් කළමනාකරණ පීඨයේ අවසන් වසරේ
සිසුන් සිව්ද‍ෙනකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතා පැවසීය.
එම සිසුන් සිව් දෙනා අතර

ටයරය තල්ලු කළ බව කියන සිසුවා ද සිටින බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.
 ප්‍රශ්න කිරීම සඳහා මිරිහාන පොලිසිය, කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය සහ විශේෂ විමර්ශන අංශය විසින් එක්ව සිදුකළ විමර්ශනයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පොලිස් භාරයට ගනු ලැබූ පිරිසගෙන් මේ වන විට පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදුකරන බවත් බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඉදිරියට සිදුකරන බවත් දන්වා ඇත.

ඉකුත් 05 වැනිදා රාත්‍රියේ ජයවර්ධනපුර සරසවි භූමියේදී පැවැත්වූ පිළිගැනීමේ උත්සවය නිමාවෙන් පසු විශ්වවිද්‍යාලයේ මත්පැන් බොමින් රැඳී සිටි ජ්‍යෙෂ්ඨයින් කළමනාකරණ පීඨයේ නවක සිසුවෙකු වූ පසිඳු රුක්ෂාන් මිතුරෙකු සමග පහළක සිටි අවස්ථාවකදී ඉහළ සිට ට්‍රැක්ටර් වලට භාවිතයට ගන්නා ටයරයක් යොමු කිරීම නිසා ඔහු අසාධ්‍යව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබන අතර හිතාමතා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් අදාළජ්‍යෙෂ්ඨ සිසුන් අත්අඩංගුවට ගන්නට පොලිසිය කටයුතු කරන ලදි.
අත්අඩංගුවට ගත් අය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.