බැංකු ගිණුම්වල තිබෙන මුදල් ඇප් එකක් (මෘදුකාංග) හරහා වංචා කරන මහා ජාවාරමක් පිළිබඳව
මෙරට ප්‍රධාන පෙළේ බැංකුවක් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
නාඋල, නාලන්ද, මීගොල්ල ප්‍රදේශයේ පදිංචි අසංක සඳරුවන් නමැති ගිණුම් හිමියකුගේ ගිණුම් අංකයකින්
මෙලෙස කිසිවකු විසින් මුදල් ලබාගෙන ඇතැයි ද
ඒ පිළිබඳව නාඋල පොලිසිය මෙන්ම නාඋල අදාළ බැංකු

ශාඛාවද වෙන වෙනම විමර්ශන ආරම්භ කර ඇත.
අසංක සඳරුවන් (31) නමැති මොහුගේ වයස අවුරුදු හයක් වයසැති දෙව්මිණ සෂික සඳකැළුම් දරුවා ඉකුත්
වසරේ ඔක්තෝබර් මස 18 වැනිදා අනතුරකට ලක් වූ අතර එම අනතුරින් වම් පාදය කපා දැමීමට වෛද්‍ය
කාර්ය මණ්ඩලයට සිදු වී තිබිණි.

එම අනතුරින් පසුව අසරණ වූ පියා මුදල් ආධාර ඉල්ලා “මව්බිම” පුවත්පතට පැමිණ ලිපියක් පළ කර දෙන
ලෙස ඉල්ලා තිබෙන අතර ඊට අදාළව එම පුවත්පතේ පළ වූ ලිපියට අනුව ලැබුණු ආධාර මුදල් මෙලෙස කිසිවකු විසින් වංචනික
ලෙස එම ගිණුමෙන් ලබාගෙන ඇතැයි ඒ මහතා පොලිසියට හා අදාළ බැංකුවට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මේ සිද්ධිය සම්බන්ධව නාඋල බැංකු ශාඛාවෙන් කළ විමසීමේදී එහි බැංකු කළමනාකරු හා
විමර්ශන සිදු කරන නිලධාරීන් කියා ඇත්තේ එම ගිණුමේ මුදල් ස්මාර්ට් ජංගම දුරකථනයක ඇප් එකකින්
කිසිවකු ලබාගෙන තිබෙන බවට සැක කරන බවයි.
ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කරන බවත් ඒ අනුව සිදු වී ඇත්තේ කුමක්දැයි කියා හෙළි කර ගන්නා බවයි.
මේ සම්බන්ධව අදාළ බැංකු ප්‍රධාන කාර්යාලය ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත‍ෙ
මෙම ගිණුම හිමි අසරණ පියා පවසන ආකාරයට ඔහුගේ ගිණුමෙන් මුදල් කිසිවකු හෝ වංචනිකව ලබාගෙන
ඇත්නම් බැංකු ගිණුම් සම්බන්ධ ආරක්ෂිතභාවය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මතුවන බවයි. මේ බව බැංකු
කළමනාකරුවන් කිහිපදෙනකු ද කියා සිටියහ.

ශිරාන් රණසිංහ