[Trending][btop]
[News][stack]

වස් දුරුවෙන්නැයි කියා රවිගේ ගෙදර දින 7 ක යාගයක්


එ.ජා.ප. උපනායක රවි කරුණානායක මහතාගේ නිවෙසේ දින හතක “යාගයක්” මේ දිනවල පැවැත්වේ.
පාර්ලිමේන්තු මාවතේ පිහිටි ඒ මහතාගේ නිවෙසේ මෙම යාගයක පවත්වන අතර, රටටත්. රටේ ජනතාවටත්
සෙත් පතා මෙය පවත්වන බව “යාගය” සම්බන්ධීකරණ කටයුතු සිදුකරන හිටපු අමාත්‍ය මර්වින් සිල්වා
මහතා පැවැසීය.

මෙම යාග කර්මය ආරම්භ කළේ පෙරේදා (03දා) රාත්‍රියේය.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් රුහුණේ ප්‍රබල කපු මහත්වරුන් පිරිසක් ගෙනැවිත් මෙම යාගය
ආරම්භ කර ඇත.

රටටත්, රටේ ජනතාවටත් සෙත් පතමින් මෙම යාගය පවත්වන අතර ඉන් තුන් බිය දුරුවී යන බවත් මර්වින්
සිල්වා මහතා ප්‍රකාශ කලේය.

ශිරාන් රණසිංහ