කොරෝනා වයිරස් (COVID-19) ධනාත්මක බවට ඊයේ හඳුනාගත් මත්තෙගොඩ ප්‍රදේශයේ වාසය කරන ජයන්ත රණසිංහ මහතාගේ  පුතෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට අද දින සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් සත්‍යතාවයකින් තොර බව
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පුතා වෛරසයට ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බවත්

ඔහුගේ පාසල වන ආනන්ද විද්‍යාලය මුද්‍රා තබා ඇති බවත් අද ඇතැම්  සමාජ මාධ්‍යවල වාර්තා විය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩී.ජී.එච්.එස්. වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ පුතා සම්බන්ධයෙන් අසත්‍ය වාර්තා පැතිරී ඇති බවයි. නොමඟ යවන සුළු වාර්තා මගින් ඔවුනට අගෞරව නොකරන ලෙසද ඔහු පැවසීය.
පාසලේ භීතිය පැතිර යාමෙන් පසුව සෞඛ්‍ය නිලධාරීන්ද පුතාගේ පාසල වන ආනන්ද විද්‍යාලයට ගොස් ඇති බව ජාසිංහ මහතා පැවසීය.
රණසිංහ මහතා උණ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසුව IDH රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ නිවසේ පවුලේ අය රඳවා නිරෝධායනය කර ඇති බව වාර්තාවිය.
රණසිංහ මහතාට  පුතුන් දෙදෙනෙකු සිටින අතර එම දෙදෙනා උසස් පෙළ පන්තියේ සිසුවෙකු හා කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන 8 පන්තියේ සිසුවෙකු බව පැවසිණි.