ලංකාවේ ප්‍රථම කොරෝනා ආසාදිතයා වූ ජයන්ත රණසිංහ මහතාගේ පුත්‍රයෙකු කොළඹ ආනන්ද විද්‍යාලයේ
ඉගෙනුම ලබන බැවින් අද දින
එම පාසල අවට මේ වන විට යම්කිසි කලබලකාරී තත්ත්වයක් ඇති වී ඇති බවයි වාර්තා වන්නේ. එම කොරෝනා රෝගියාගේ පවුලේ සියළු දෙනා මේ වන විට දින 14ක නිරෝධායනයකට ලක්ව සිටියද පියාගේ රෝගී තත්ත්වය හෙළි වීමට පෙර එම සිසුවා පාසලේ ක්‍රිකට් ක්‍රීඩා උත්සවය වැනි දේවල් වලට සහභාගී වූ බවට පැතිර යන කටකතාවක් දෙමව්පියන්ගේ මේ නොසන්සුන්තාවයට හේතුවී තිබෙනවා. ඇතැම් මව් වරුන් තමන්ගේ දරුවන් පාසලෙන් ඉවත් කරගෙන නිවෙස් වෙත යාමට උත්සාහ දරමින් සිටිනවා.
නමුත් ආනන්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය වෛද්‍ය සංසදය පවසන ආකාරයට එම දරුවන් කොරෝනා ආසාදිත නොවන බවට වෛද්‍ය නිළධාරීන් ඔවුන්ට සහතික කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ අනෙක් වාර්තාව
මත්තෙගොඩ රණසිංහ මහතාගේ ආනන්දයේ පුතුට කොරෝනා වැළඳී ඇති කතාව බොරු