ගුවන් ගමන් බලපත්‍ර  ලබාගැනීමට පැමිණෙන ප්‍රමාණය සියයට හැත්තෑ පහකින් පමණ
අඩු වී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සඳහන් කළේය.
සාමාන්‍යයෙන් ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා 1,600ක් 1500ක් පමණ
දෙනා දිනකට ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණියද මේ දිනවල සාමාන්‍යයෙන් පැමිණෙන්නේ
පන්සියයකට වඩා අඩු පිරිසක් යැයිද හෙතෙම සඳහන් කළේය.

එක් දින සේවාව යටතේ ගුවන් ගමන් බලපත්‍රයක් (සියලුම රටවල්) ලබාගැනීම සඳහා රුපියල් 15,000ක්
අය කරන අතර සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේදී රුපියල් 3,500ක් අය කෙරේ.

කෙසේ වෙතත් මේ දිනවල ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීමේදී ආගමන _ විගමන දෙපාර්තමේන්තුව තුළ තිබූ
කලබලකාරී තදබදය අවම වී ඇතැයිද එම නිලධාරියා කියා සිටියේය.

ශිරාන් රණසිංහ