සුගිය දිනවල මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති කළ වීඩියෝවක් හරහා හෙළිවූ ළමා අපයෝජනයක් සිදු කළ ව්‍යාපාරිකයා අල්ලා ගැනීම සඳහා සාක්ෂි අවශ්‍ය බැවින් අදාළ වීඩියෝවේ සිටින දැරිය පිළිබද තොරතුරු අවශ්‍ය බවට පොලිසිය අද මාධ්‍ය නිවේදනයක්
 නිකුත් කර තිබේ.

රන්ජන්-පියුමි දුරකථන සංවාදයකින් මුල්වරට මෙම අපයෝජනය ගැන ඉගි පළවූ අතර එහිදී කියැවුනේ ප්‍රියාන් මැණික් නමැති ව්‍යාපාරිකයා මෙයට සම්බන්ධ බවකි. කෙසේ වෙතත් ඔහු මාධ්‍ය වෙත ඉදිරිපත්වී එම කතා සියල්ල අසත්‍ය බව කියා සිටියි.

මේ අතර රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් හා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාදරයින් මෙම සිද්ධිය දේශපාලන බලය හා මුදල් බලය මත යට ගසා ඇති බවට චෝදනා කරමින් ළමා ආරක්ෂණ අධිකාරිය ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබුණි.

මේ ගැන දැනට පොලිස් විමර්ශනයක් අරඹා තිබෙන අතර විමර්ශනයේ පහසුව පිණිස තවත් තොරතුරු අවශ්‍ය බවට අද දින පොලිසිය පහත නිවේදනය නිකුත් කර තිබුණි.