පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවෙසින් අත්අඩංගුවට ගනු ලැබූ ආන්දෝලනාත්මක දුරකතන සංවාද ඇතුළත් හඬපට සියල්ල වෙනම තැටිගත කර අවසන් හෙයින් ඒවා රැගෙන යන්නැයි රජයේ
රස පරීක්ෂක දෙපාර්තමේන්තූව අධිකරණයට දැනුම් දී ඇත.  එහෙත් ඒ හඩපට රැගෙන යෑමට අධිකරණ තිලධාරින් තවමත් එහි පැමිණ නැතැයි රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසිය.
රන්ජන් රාමනොයක මහතාගේ නිවෙසින් අත්අඩංගුවට ගත් සංයුක්ත තැටි සියයකට වැඩි ප්‍රමාණයක් හා බාහිර දෘඩ තැටි 15ක් අධිකරණයේ දැනුම් දීමක් අනුව රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව විසින් නැවත තැටි ගත කරනු ලැබීය.

එක් හඬ පටයක් හඩපට දෙක බැගින් මෙසේ නැවත තැටිගත කෙරිණ. තැටිගත කෙරුණු මෙම හඩපටවල දුරකතන සංවාද දස දහසකට වැඩි ප්‍රමාණයක් ඇතුළත්ව තිබෙන බව කියන රස පරික්ෂක නිලධාරිහු දුරකතන සංවාද අඩංගු හඩපටවලට අමතරව රන්ජන් රාමනායක මහතා රගපෑ චිත්‍රපට කිහිපයක් අඩංගු සංයුක්ත තැටි කිහිපයක්ද ඉදිරිපත් කර තිබූ හෙයින් ඒවාද තැටිගත කළ බව ප්‍රකාශ කරති.මේ අතර රන්ජන් රාමනායක මහතාගෙන් ලබාගත් කටහඩ සාම්පලයක්ද රජයේ රස  පරික්ෂක දෙපාර්තමේන්තුව විසින් පරික්ෂා කර ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉකුත්දා බාරදෙනු ලැබිය.

-සුජිත් හේවාජුලිගේ-