කොරෝනා වෛරස පැතිර ගිය රටවල් වන ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් බැටිකලෝ කැම්පස්හි නිරෝධානයට යොමුකිරිමට රජය  පියවර ගෙන තිබෙන අතර එසේ යොමු කරන පුද්ගලයෙකුගෙන් සති දෙකක ආහාර සඳහා රුපියල් 7500ක
මුදලක් අය කිරිමට රජය තීරණය කර තිබූ බව අද උදේ වාර්තා විය.
මෙම නවාතැන් අතරතුර සම්පූර්ණයෙන්ම වයිෆයි පහසුකම් නොමිලේ ලබාදෙන බවත් නවාතැන්ද මිලක් රහිත බවත් දන්වා තිබූ නමුත් දිනකට ආහාර වේල් තුන බැගින් ලබාදිමට මෙම මුදල අවශ්‍ය බැවින් ඒවා නිරෝධායනයට පැමිණෙන අවස්ථාවේ සම්පූර්ණයෙන් ගෙවා දමන ලෙසද විදේශ මුදල් මාරු කරගෙන ඇවිත් ගෙවාද දමන ලෙසද

එම උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර තිබුණි.
ඒ අනුව අද ඉතාලියේ සහ කොරියාවේ සිට පැමිණි 166 දෙනාගෙන් රුපියල් 7500ක් බැගින් රුපියල් 1,245,000ක මුදලක් අය කරගැනීමට රජය සූදානම්වී සිටියේය.
මෙම පත්‍රිකාව මඩකලපුවේදී කියවන්නට ලැබුණ පසු නිරෝධායනයට පැමිණි පිරිස කලබල කරන්නට පටන්ගත් බව වාර්තා විය.
උපදෙස් පත්‍රිකාවේ පිටපතක් අන්තර්ජාලයට යොමුවූ අතර මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළද දැඩි විරෝධයක් එල්ල විය.ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමයක් ලබාදෙන විදෙස් ශ්‍රමිකයන් ලෙස පැමිණි තමන් කරදරයට පත්වූ අවස්ථාවේ මේ ආකාරයෙන් මුදල් අය කිරීම සාධාරණ නොවන බව එම විවේචන වලින් කියැවුණි.
කෙසේ වෙතත් මේ ගැන සැලවීමෙන් පසු අදාළ මුදල් ලබාගැනීමේ කටයුත්ත නතර කරන්නට බලධාරීන් පියවර ගෙන තිබූ බව වාර්තා විය. ඒ අනුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කර සිටියේ, නිරෝධායන කටයුතු සඳහා යොමු කරන කිසිදු පුද්ගලයෙකුගෙන් ගාස්තුවක් අය නොකරන බවයි.

මීට ඉහත චීනයේ වුහාන්හි සිට පැමිණි පළමු කණ්ඩායමෙන්ද නිරෝධායනය වෙනුවෙන් මුදල් අයකිරීමක් සිදුව තිබුනේ නැත.
පහත පළවන්නේ අනේදෝලනයට මුල්වූ උපදෙස් පත්‍රිකාවයි