කොළඹ නගරයේ වායු ගුණ තත්ත්වය අඛණ්ඩවම මැන බැලීමේ ස්වයංක්‍රීය යන්ත්‍රණයක් කොළඹ මහ නගර සභාව අසලදී ස්ථාපිත කිරීම නගරාධිපතිks රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (6) පැවැත්විණි.
ජාතික ගොඩනැගිලි පරේය්ෂණ
සංවිධානය හා කොළඹ මහ නගර සභාව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වායු ගුණ අධීක්‍ෂණ යන්ත්‍රය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක කෙරේ. නගරයේ වායු දූෂණ තත්ත්වය පිළිබඳව දිනපතා ජනතාව දැනුවත් කිරිමේ ජංගම රථයක  සවිකළ ප්‍රදර්ශන පුවරුවක් නගර ශාලාව පිටත ස්ථාපිත කර ඇතැයිද, නගරයේ වෙසෙන ජනතාවගේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා කිරීමේ වගකීම ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සතුව පවතින බවද කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුනි මහතා පැවසීය.

එම යන්ත්‍රය මගින් ඉකුන්දා (6) කොළඹ නගරයේ සාමාන්‍ය වායු තත්ත්වය මැන බැලූ බවද ඒ අනුව වායු තත්ව දර්ශකය 55ක් බවට විශ්ලේෂක දත්ත වාර්තා මගින් හෙළි වූ බවද කී ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිවරයා, එය සාමාන්‍ය මට්ටමක් බවද කීය. මේ දත්ත ඇතුළත් කෙරෙන යන්ත්‍රයට  නගරයේ වර්ග කිලෝ මීටර් 2ක පමණ වපසරියක් ඇතුළත් කර ඇති අතර, එහිදී නගරයට ඇතුළු විවිධ වාහනවලින් නිකුත් කෙරෙන වායුව, ගොඩනැගිලි, පාසල් හා කසළ පිලිස්සීමෙන්ද කැලණිතිස්ස, විදුලිබලාගාරයෙන් පරිසරයට මුදා හැරෙන වායු තත්වයද දිනපතා විශ්ලේෂ්ණය කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.

පැට්‍රල් වාහනවලින් නිකුත් කෙරෙන කාබන් මොනොක්සයිඩ් පාසල් වාහනවලින් නිකුත් කෙරෙන සල්ෆර් ඩයෝක්සයිඩ් හා ත්‍රීරෝද යතුරුපැදි වලින් නිකුත් කෙරෙන හයිඩ්‍රොකාබන්වල ක්ෂුද්‍ර අංශු මැන බලා පරිගණක දත්ත පද්ධතියක් මගින් අදාළ විශ්ලේෂණේ වාර්තා නිකුත් කෙරෙන බවද ඔහු කීවේය.

-ජයන්ත සමරකෝන්-