4.30pm
අද (21) කොරෝනා රෝගීන් 05ක් වාර්තා වූ බවත් අද  දිනය වන විට කොරෝනා ආසාදිතයින් එකතුව  77ක්  බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පැවසුවාය.පස්දෙනා වාර්තාවී ඇත්තේ අනුරාධපුර රෝහලෙනි.
මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථන සංඛ්‍යාව 22ක 3063ක් නිරෝධයනයට යොමු වී ඇත.
12.30pm
මේ දක්වා කෙරෝනා රෝගීන් එකතුව 50, 56, 62 ආදි ලෙස රජයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශයට පත් කළේ පසුගිය ජනවාරි මාසයේ ලංකාවේදී කොරෝනා ඇති බවට හඳුනාගත් චීන ජාතික කාන්තාව අත්හැර දමමිනි.නමුත් ඊයේ සිට කොරෝනා ආසාදිතයින් මුළු එකතුව සඳහන් කිරීමේදී
ඇයවද ඇතුළත්ව දැනට 72 දෙනෙකු ලෙස සඳහන් කර තිබේ.

කොරෝනා ආසාදිතයින් ගණනය ජාත්‍යන්තර මට්ටමේ සිදු කිරීමේදී ඒ ඒ රටේ ජාතිකයින් වීද වෙනත් ජාතිකයින් වීද යන්න වෙන් වෙන්ව ගණනය නොකිරීම එයට හේතුවයි.
මේ අතර අද (21) දහවල් 10 ට නිකුත් කළ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය දෛනික කොරෝනා දත්ත වාර්තාව අනුව ගෙවුණ පැය 12 ක කාලයේ නව කොරෝනා රෝගීන් වාර්තාවී නැත. ආසාදිත මුළු සංඛ්‍යාව චීන කතද සමග 72 ලෙස දක්වා ඇත.
 දිවයින පුරා රෝහල් වල කොරෝනා සැක රෝගීන් 245ක්  මේ වනවිට සිටී. මාර්තු 20 වාර්තාව මේ සමග පළවේ.