12.40pm
හෙට (20) සිට දින 8 පුරා 27 වනදා දක්වා රජයේ නිවාඩු දින ලෙස නම් කර ඇති බව රජය මීට සුළු වේලාවකට පෙර දැනුම් දුන්නේය.
මෙම තීරණය පුද්ගලික අංශයටත් බලපැවැත්වෙනු ඇති බවත්
නිවෙස් වල සිට වැඩ

කටයුතු සිදු කිරීමට ක්‍රමයක් යොදා ගන්නා ලෙසත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

මෙම ක්‍රියාදාමය ක්‍රියාත්මක වන ආකාරය ඉදිරියේදී මාධ්‍ය හරහා දැනුවත් කරන බවද රජය වැඩිදුරටත් නිවේදනය කරයි.

2020 මාර්තු 19 එනම් අද දිනයේ සිට බැංකු තුළ කවුන්ටර් සේවාවන් පවත්වනු ලබන්නේ උපරිම පැය හතරක කාලයක් සඳහා පමණක් බව ලංකා බැංකුව දන්වා ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව, සියලු බැංකු පාලනාධිකාරීන් සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.