පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේග සන්ධානය යටතේ
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හිටපු යුද හමුදා ප්‍රකාශක විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු
මහතා නාමයෝජනා පත්‍රවලට අත්සන් තබා තිබේ.
නිකවැරටිය ප්‍රදේශය නියෝජනය කරමින් එළඹෙන මැතිවරණයට තමා ඉදිරිපත් වන බව ඔහු දන්වා ඇත.
පසුගිය පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා හමුදාවෙන් විශ්‍රාම ගිය ඔහු වසර ගණනාවක් හමුදා ප්‍රකාශක ලෙස සේවය කළේය.