ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ එංගලන්තයේ මාලිබෝන් ක්‍රිකට් සමාජයේ වත්මන්
සභාපති කුමාර් සංගක්කාර විසින්
ලන්ඩනයේ සිට පොල් සම්බෝල සාදන ආකාරයක් සිය නිල ‘ට්විටර්’ ගිණුමට එක් කර තිබේ.

එහිදී ‘මිරිස් ගලක්’ උපයෝගී කර ගනිමින් සංගක්කාර පොල් සම්බෝල සාදන ආකාරය දක්වා තිබීම සිත්ගන්නාසුලු ය.

ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සංගක්කාර පවසා තිබුණේ ලන්ඩනයේ තම මිතුරන් කිහිපදෙනෙකුට සංග්‍රහ කිරීම වෙනුවෙන් තමන් රසවත් ආහාරයක් පිළියෙල කළ බවයි.