මැර පිරිසක් වෙනුවෙන් පෙනී සිටි රාජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව  රාජ්‍ය නිලධාරිනියක නොබියව කථාකිරීමේ වීඩියෝව සම්බන්ධයෙන් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වා ඇති සිදුවීමට අදාළ රාජ්‍ය ඇමති සනත් නිශාන්ත කඩොලාන පරිසර භූමි විනාශ කිරීමට තබා එම ශාකවල කොළයකට හෝ හානියක් කිරීමට තමන් අකැමැති බවත්
ඒ සම්බන්ධයෙන් මේ දිනවල සමජ ජාලාවල ප්‍රචාරය වන අසත්‍ය පුවත පිළිබඳව කිසිදු කනගාටුවක් නොමැති බවත් කියා තිබේ.
ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා වැඩිදුරටත් පවසා ඇත්තේ
මීගමුව ප්‍රදේශය යනු ඉතිහාසයේ සිටම ධීවර ජනතාව වාසය කළ තැනක් නිසා ඔවුන් සමග ගැටුම් ඇති කර නොගෙන මෙම ගැටලුව විසඳීමට තමන් උත්සාහ කළ අවස්ථාවේදී ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනිය දිගින් දිගටම අරගල කළ බවයි. ගැටලුව ඇතිවී තිබුණේ නිලධාරිනිය සහ මීගමුවේ ප්‍රදේශවාසීන් අතර බවත්, තමන් කළේ ඒ ගැටලුව විසඳීමට මැදිහත්වීම පමණක් බවද ඔහු පවසා තිබේ.


තමන් එම අවස්ථාවේ නොසිටියා නම් එම නිලධාරිනිය ධීවර ජනතාවගෙන් පහර කෑමට ලක්වීමට පවා ඉඩ තිබුණු බවත්, ඒ සියල්ල කළමනාකරණය කරගනිමින් තත්ත්වය සමාදාන කළේද තමන් බව ඇමැතිවරයා පවසා සිටියේය.

ඔහු මේ පිළිබඳව පවසා සිටියේ ඊයේ (12 වැනිදා) ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැතිවරයා මෙසේද පවසා සිටියේය.

‘‘හිටපු ධීවර ඇමැති විජිත් විජයමුණි සොයිසා තමයි මේ දරුවන්ට සෙල්ලම් කරන්න පිටිය දීලා තියෙන්නේ. ඔහු ඔවුන්ට පොරොන්දුවක් වෙලා තියෙනවා මේක සෙල්ලම් කරන්න දෙනවා කියලා. ළමයින්ගේ සෙල්ලම් පිටියට තමයි පස් ගෙනත් දාලා තියෙන්නේ. ඒ දාපු පස් ඔවුන් තුනී කරලා. මේ නිලධාරිනිය කියන්නේ ඒ ක්‍රීඩා පිටිය එතනින් ඉවත් කරන්න. නැත්නම් ඒ ආසන්නයේ කඩොලාන පරිසරයට හානි වෙනවා කියලා ඇය කියනවා.
ක​ඩොලාන පරිසර පද්ධතියට හානියක් වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. එතුමිය වුණත් අද මෙහෙම කතා කරන්නේ වර්තමාන ජනාධිපතිවරයා පිළිබඳව තියෙන විශ්වාසය නිසානේ රටට යමක් කරයි කියලා. අපි ඒ විශ්වාසය කඩ කරන්නේ නැහැ.’’

මැර පිරිසක් සමග රාජ්‍ය ඇමතිවරයා කඩොලාන පරිසරය විනාශ කර පිට්ටනියක් ඉදිකරන්නට දැරූ උත්සාහයට අදාළ කමිටු රැස්වීම ගැන වාර්තාව මෙතැනින්