මනට කිසිසේත්ම නීතියට පිටින් වැඩ කිරීමට නොහැකි බව මීගමුවේ රාජ්‍ය නිලධාරිනියක ඇමති සනත් නිශාන්ත‍ෙට සෘජුවම පැවසීම නිසා තම හිතවතුන්ට උදව් කරන්න ගිය ඇමතිවරයා කරබාගෙන පැමිණි පුවතක් වාර්තාවේ.
කඩොලාන පරිසර පද්ධතියක ක්‍රීඩාපිටියක් ඉදිකිරීම සඳහා
ඉඩමක් නිදහස් කරන්නැයි කළ ඉල්ලීමනදී ඇය මේ ගැටලුව පැනනැගිණි.
කඩොලාන පරිසර පද්ධතිය විනාශ කරමින් අනවසර ඉදිකිරීම් සඳහා ඉඩ ලබා දිය නොහැකි බවට පවසමින් ඊයේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකදී මෙම අදහස් පළ කළේ ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියයි.
ඇමතිවරයාට හා ඔහුට සහාය දැක්වූ පිරිස් නොතකමින් ඇය සඳහන් කළේ තමන් නීතියට පිටින් වැඩ නොකරන බවයි.
මේ ආකාරයෙන් රජයේ ඉඩම් විවිධ මිනිස් ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීම තුලින් ඔක්සිජන් ප්‍රතිශතයට බලපෑමක් එල්ලවන බවයි.


”ඇමතිතුමා පැහැදිලිව මේක රජයේ වනාන්නතර භූමියක්.වනාන්තර භූමියක් නිදහස් කරන්න බෑ පිට්ටනියක් වෙනුවෙන්.ගම්පහ තමයි අඩුම වන ගහනය 1. 6% යි.ඒ්කත් වනජිවි ඒකට තියෙන්නේ අක්කර 18 ඔබතුමා දන්නවද ? ඒකනෙුත් හෙක්ටයාර් 1086 අපිට තියෙන්නේ.කවුද මේවට වග කියන්නේ ?අපිට හුස්ම ගන්න නෑ ඔක්සිජන් කෝ? ඔක්සිජින් තිබ්ලා වැඩක් නැ කියන මේ මිනිස්සු එක්ක තව කතා මොකටද ? ” යනුවෙන් ඇය සඳහන් කළා.
ඇමති - "මේක පොඩි රටක්.පරිසර පද්ධති, වනජීවි තිබ්බොත් මිනිස්සුන්ට ඉන්න තැනක් නෑ"

චන්ඩි- " අපිට Oxygen වලින් වැඩක් නෑ"

රාජ්‍ය නිලධාරිනිය - "නීනීතියට පිටින් වැඩ කරන්න බෑ"


කෙලින් වැඩකරන රාජ්‍ය නිලධාරීන්ට ආදර්ශයක් වන එම සිදූවීමට අදාළ වීඩියෝව පහතින්