රන්ජන් රාමනායක සහ ගිහාන් පිලපිටියට විරුද්ධව නව නීති කෘත්‍යයක් ආරම්භ කළ යුත්තේ කුමන අධිකරණයකදැයි යන්න පිළිබඳව උපදෙස් ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත. වැඩ බලන පොලිස්පතිවරයා මෙම ලිපිය
යවා ඇත්තේ රන්ජන් රාමනායක සහ ගිහාන් පිලපිටිය  යන දෙදෙනා නව නීති කෘත්‍යයක සැකකරුවන්  ලෙස නම් කර වරෙත්තුවක් ලබාගෙන ප්‍රකාශ සටහන් කරගෙන ඔවුන් නියමිත මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කරන ලෙස උපදෙස් දෙමින් නීතිපතිවරයා පසුගිය ජනවාරි 23 වැනිදා
දාතමින් ඒවා තිබූ ලිපියට පිළිතුරු යවමිනි.


නව නීති කෘත්‍යයක් ආරම්භ කරන ලෙස දැනුම් දී ඇතත් මෙම සිද්ධියේ පළමුවැනි සැකකරු වන රන්ජන් රාමනායකට අදාළ බී වාර්තාව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන් කරන වැඩ බලන පොලිස්පතිවරයා තමා මේ පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු විමර්ශන නිලධාරීන් කැඳවූ අවස්ථාවේදී මෙම ප්‍රශ්නගත සංවාදය සිදුවී ඇත්තේ කුමන අධිකරණ බලසීමාවක දැයි යන්න මෙතෙක් විමර්ශනවලදී අනාවරණය වී නොමැති බව ඔවුන්  දැවූ බව ද කියා සිටී.

මේ නිසා නව නීති කෘත්‍යය ආරම්භ කළ යුත්තේ කුමන අධිකරණයක දී දැයි යන්න පිළිබදව උපදෙස් දෙන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇත.