මීට කාලයකට පෙර තමන්ට 'සර්' කියා අමතන ලෙස නිවේදනයක් නිකුත් කිරීම නිසා සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කළ මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතා එම නගර සභාවේ මාසික
රැස්වීම අතරතුර අසාමාන්‍ය පෙනී සිටීමක් නිසා

ආරවුලක් ඇති කරගෙන තිබේ.
‍ෙමාසික රැස්වීමේදී මන්ත්‍රීවරුන් යෝජනා හා අදහස් ඉදිරිපත් කරන අවස්ථාවේදී ටිරාජ් ලක්රුවන් මහතා ඊට සවන් නොදී සිය කනෙහි හෑන්ඞ් ෆ්‍රී එකක් ගසාගෙන සිටීම විවේචනයට ලක්වී ඇති අතර එම විවේචකයින්ට ඔහු බැණ වැදී තිබේ.

තමා එක් කනක හෑන්ඩ් ෆ්‍රී කට්ටලය අමුණා තිබුණත් අනෙක් කන නිදහස් බවද ඔහු පවසා තිබේ.
ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් මහජන නියෝජිතයින් යෝජනා හා අදහස් ඉදිරිපත් කරද්දී ඊට සවන් නොදී සිටීම පහත් ක්‍රියාවක් ලෙස මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇති අතර
ගැටුම අවසානයේ සභාව තුළ දෙපිරිස අතර පහරදීමක් දක්වා දුරදිග ගොස් තිබේ.
සිද්ධියට අදාළ වීඩියෝව පහතින්