සුගිය දිනවල රටේ විශේෂ අවධානයට ලක්වූ කොරෝනා ආසාදිත සංචාරක චීන කාන්තාව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබා දැන් සුවය ලබා ඇති අතර ඇය අද හෝ හෙට සිය රට බලා යාමටද නියමිතය.
ලුඕ මහත්මිය හුබෙයි සිට ශ්‍රී ලංකාවට පැමිණියේ සිය සැමියා හා තවත් සංචාරක කණ්ඩායමක් සමගය.
සංචාරයේ අවසන් දිනයේ
අනපේක්ෂිත උභතෝකෝටිකයකට මුහුණ දුන් ඇය අයිජීඑච් රෝහලේ ප්‍රතිකාර ලබාගත්තේ ලංකාවේදී හඳුනාගත් පළමු කොරෝනා ආසාදිත රෝගියා බවට පත්වෙමිනි.
ලංකාවේ බොහෝ තැන්වල මේ වනවිට චීන ජාතිකයින්ට
නොසැලකිල්ලක් දක්වා ඇති නමුත් ඇයට රෝහලේදී හොඳ පිළිගැනීමක් ලද බවට ඇය චීන වෙබ් අඩවියකට තොරතුරු සපයා ඇත.
 චීනයේ තානාපති කාර්යාලයට ලංකාවේ සිට සම්බන්ධ වී එහි සිට උදව් ලද බවත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම මාර්ගගත වීඩියෝ ඔස්සේ උපදෙස් සමග ලැබුණ බවත් ඇය දන්වා සිටින්නීය.
තමා නිසා ලංකාවට ඇතිවූ කරදරයට සමාවද ඉල්ලන බව කියන ඇය තමන්ට උපකාර කළ වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයට ස්තූති කර තිබේ. දින 10 ක් තුළදී තම රෝගය සම්පූර්ණ සුවයට පත්වූ බවත් ජීවිතය බේරාදීම ගැන ඔවුන්ට ණය ගැති වන බවත් ඇය කියා සිටී.
මේ වනවිට  අන්තර්ජාලයේ ඇයව දැක්වෙන වැරදි ඡායාරූප ගණනාවක් පළවී ඇති නමුත් මේ සමග පළවන්නේ ඇයගේ කැමරාවෙන්ම ලබාගත් නිවැරදි ඡායාරූපයි.