ම්පහ දිසා වන කාර්යාලයේ නිලධාරිනියක වන දේවානි ජයතිලක මහත්මිය ගැන පසුගිය සතියේ රටේ කතාබහක් ඇතිවිය. ඇය මීට දින කිහිපයකට පෙර චිත්‍රපට එළිදැක්මකට එක්වූ අවස්ථාවේ
මාධ්‍ය ඉදිරියේ පෙනී සිටි අතර එහිදී ඇගෙන් විමසා තිබූ ප්‍රශ්න කිහිපයකට ඇය දුන් පිළිතුරු පහත පරිදිය.


ඔබ නිර්භිතව කරපු කතාවක් රටේ ප්‍රසිද්ධ වුණා ඒ ගැන කියන්න
ඒ සිද්ධිය සම්බන්ධයෙන් මම ප්‍රකාශ නිකුත් කරන්න කැමති නෑ. මොකද රජයේ නිලධාරිනියක් විදිහට මට ප්‍රකාශ නිකුත් කරන්න බැහැ. නමුත් මං කියන්න ඕන මේක මං කතා කරපු ප්‍රථම අවස්ථාව නෙමේ.
ඒ වගේම මේ වගේ කතා කරපු එකම රාජ්‍ය නිලධාරියාත් මං නෙමේ. මොකද අපේ ඩිපාර්ට්මන්ට් එකේ බොහෝ දෙනෙක් බොහෝ තැන්වලදී ෆයිට් කරලා තියනවා. ගොඩක් අය ඉදිරියේ අපහසුතාවයට ලක්වෙලා තියෙනවා.
අපේ ඩිපාර්ට්මන්ට් එකේ බොහෝ දෙනෙක් අනතුරුවලට ලක්වෙලා ජීවිතයෙන් පවා වන්දි ගෙවලා තියනවා පරිසරය රකින්න ගිහිල්ලා.ඒ දේවල් එළියට එන්නේ නැහැ. මේක එක සිද්ධියක් විතරයි. මාධ්‍යයට ආපු සහ ප්‍රසිද්ධ වුණු.ඒක හින්දා මම හිතන්නෙ මේ ප්‍රසිද්ධිය මට වඩා පරිසරය රකින හැමෝටම ලැබිය යුතුයි.


ඔබ රටට දෙන පණිවිඩය කුමක්ද?
මං නිලධාරිනියක් විදිහට නෙමෙයි සාමාන්‍ය ගැහැණියක් විදිහට පුරවැසියෙක් විදිහට පණිවිඩයක් දෙන්න කැමතියි. හැමොගෙන්ම මං ඉල්ලන්නෙ එක දෙයයි. වරදට විරුද්ධ වෙන්න. මට ප්‍රශංසා කරන හැමොගෙන්ම ඉල්ලන්නෙ. පුංචි වරදක්වත් මේ රටේ වෙනව නම් ඒ දේට විරුද්ධව කතා කරන්න.
 අද බස් එකක ගියත් එක්කෙනයි කතා කරන්නෙ. එයා දිහා හැමෝම හිනාවෙලා බලනව මිසක් කතා කරන්නෙ නෑ. කතා කරන කෙනාට කියන්නෙ පිස්සා කියලා.
ඉස්සර බොහෝ දෙනෙක් මටත් කිව්වා පිස්සු කියලා... මං ඊට වඩා කියන්නෙ නෑ.

ඇගේ කතාවේ වීඩියෝව මෙතැනින්
https://youtu.be/KIAJYMPszFY