පාර්ලිමේන්තුව ලබන මාර්තු මස 2 වනදා විසුරුවනු ඇති බවත් අප්‍රේල් 25 මහමැතිවරණය පවත්වනු ඇති බවත් දේශපාලන ආරංචි වාර්තා කර තිබේ. මහමැතිවරණය සඳහා මාර්තු 11-17 අතර නාමයෝජනා කැඳවනු
ඇති බවත් වාර්තාවේ.

අප්‍රෙල් 25 මහමැතිවරණයෙන් පසු මැයි 12 වනදා අභිනව පාර්ලිමේන්තුව රැස්වන බවත් වාර්තාවේ.
මෙම ආරංචි තහවුරු කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අලුත්ගම කන්දේ විහාරයේදී ඊයේ (16) මේ ගැන ඉගි පළ කළේය.
අපි ආණ්ඩුවක් පිහිටෙව්වට තාම සුළුතරයක් තියෙන්නේ. අපට තාම බහුතරයක් නැහැ. තව දවස් දෙකයි පාර්ලිමේන්තුව තියෙන්නේ. 18 සහ 19 පාර්ලිමේන්තූව තියලා මාර්තු මාසයේ විසුරුවලා අප්‍රේල් මාසයේ  මැතිවරණය තියයි කියලා විශ්වාස කරනවා.