https://www.gossiplankanews.com/2020/02/corona-narigama.html#more
ව කොරෝනා වෛරසය තවමත් පැතිරෙමින් තිබියදී ශ්‍රී ලංකාව්  සංචාරයට පැමිණි අප කණ්ඩායම් හික්කඩුව නාරිගමදි ඉතා සුහදව ආචාරශීලිව පිළිගැනීම පිළිබඳව සමස්ත චින ජනතාවගේ ප්‍රණාමය ශ්‍රී ලංකාවේ
ජනතාවට හිමිවන බව එම කණ්ඩායමක සිටි චීනයේ ෂැංහයි හි පදිංචි "ලී ස්වොන් වෙන්” නැමැති 39 හැවිරිදි චින ජාතික කාන්තාව පෙරේදා (8) පැවසුවාය.

මෙම චීන ජාතික කණ්ඩායම බාරව පැමිණ සිටි ඔවුන්ගේ මර්ගෝපදේශක වු නුවරඑළියේ පදිංචි ධනුක රත්නපාල මහතා  කියා සිටියේ මෙම චින ජාතික සංචාරක කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණි පසු ප්‍රදේශවල සංචාරය කළ අතර, ඇතැම් අවස්ථාවන්වලදී ඇල්ල, බණ්ඩාරවෙල ,නුවරඑළිය ප්‍රදේශවල නවාතැන් දීමට සහ  ඔවුන්ගේ ගමන්මලු වාහනයෙන් බෑමට පවා ඇතැම් හෝටල සේවකයින් ප්‍රතික්ෂේප කළ අවස්ථා තිබූ  බවයි.



මෙම චීන සංචාරක කණ්ඩායම් පසුගිය සිකුරාදා (7) සවස හික්කඩුව නාරිගම "රිෆ්‍රෙෂ් බ්ලු" නමැති සංචාරක හෝටලයකට පැමිණි අවස්ථාවේ ඔවුන්ට තැඹිලි කපා පිළිගන්වා ඉතා සුහදශීලීව පිළිගැනීම සම්බන්ධයෙන් එම කණ්ඩායම් සතුටට පත්වූ බව ඔහු පැවසීය. මෙරට කළ සංචාරයේදී තමන්ගේ සිතට සතුටින් සහ නිදහසින්  සිටීමට එම හෝටලයේ කාර්ය මණ්ඩලය ක්‍රියා කිරිම නිසා සංචාරයේදී මෙතෙක් සිදුවූ සියලු අපහසුතා අමතක වු බවද "වෙන්" මහත්මිය කීවාය.

මෙවැනි පිළිගැනීමක් තම කණ්ඩායම් කිසිසේත්ම බලාපොරොත්තු නොවු මොහොතක නව කොරනා වෛරසය අමතක කොට සේවක පිරිස තම කණ්ඩායම් පිළිගැනීම නිසා තමන් චීනයේ ජීවත්වන බවට හැඟිමක් ඇතිවන බව "වෙන්"මහත්මිය පැවසුවාය.  හික්කඩුව නාරිගමදි ලැබුණු ඉල්ලීම් පිළිගැනීම නිසා චීනයේ දැනට පවතින නව කොරෝනා වෛරසය චීනයෙන් ඉවත්වී එහි ජීවත්වීමට සුදුසු වාතාවරණයක් පැමිණෙන තුරු අප කණ්ඩායම් හික්කඩුව නාරිගම මෙම හෝටලයේ එම දින ළංවනතෙක් සිටින බවද ඇය කියා සිටියාය.

වෙනත් වසරවල මෙරට කළ සංචාරවලදී හික්කඩුව ප්‍රදේශය අතහැර වෙනත් ප්‍රදේශවල සංචාරය කළ බව කී ඇය, මින් ඉදිරියට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවලදී කළ සංචාරය සඳහා හික්කඩුව තෝරාගන්නා බව කීවාය. තම අන්තර්ජාලය ඔස්සේ තම මිතුරන් සහ ලොව වටා සාංචාරය කරන්නන්ට ලංකාවේ සුහදශිලිත්වය සහ හික්කඩුව ජනතාවගේ

පිළිගැනීම පිළිබඳව ඔවුන් දැනුවත්කොට මින් ඉදිරියට තම

රටින් පිට වෙනත් රක සංචාරය කරන්නේ නම් ශ්‍රී ලංකාව තෝරාගන්නා ලෙස නමා අන්තර්ජාලය ඔලස් නම් යහළුවන් දැනුවත් කරන බවද පැවසුවාය. මෙම සංචාරක කණ්ඩායමේ සිටි කාන්තාවන් දෙදෙනකු මෙරටට කාන්තාවන් අදින පළදින සාරියෙන් සැරසී සිටිමට දැඩි කැමැත්තක් දැක්වූ නිසා සංචාරය අතරතුර සෑම අවස්ථාවකදීම ඔවුන් දෙදෙනා එම ඇඳුමින් සැරසී සිටි බව මර්ගේපදේශක ධනුෂ්ක රත්නපාල මහතා කිවේය.

හික්කඩුව "රිෆ්‍රෙෂ්" සංචාරක හෝටල්  සුමුහයේ හිමිකරුවන් වන එච්.කේ. උපාලි සහ ඩබ්ලිව්. ගාමිණි යන මහත්වරුන්ගේ මගපෙන්වීම මත නාරිගම "රිෆ්‍රෙෂ් බ්ලූ" හෝටලයේ සියලුම සේවක සේවිකාවෝ චීන ජාතික කණ්ඩායම් ගැන විශේෂ අවධානයෙන් සිටින බවත් වෙනත් සාචාරකයන්ට වඩා චීන රජය පත්වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සලකාබලා ඔවුන්ගේ සිත් රිදුම් නොවන ආකාරයට ඔවුන්ට සැලකීමට කටයුතු කර ඇතැයි මෙහිදී දැනගන්නට ලැබිණි.

චීනයේ ජනතාව මේ වන විට අසරණ වී සිටින අතර එලෙස අසරණ වූ අය තව තවත් පීඩාවට පත් නොකර සුහදශිලීව සැලකීම ශ්‍රී ලාංකික අපගේ යුතුකමක් සහ වගකීමක් වන බව හික්කඩුව නාරිගම "රිෆ්‍රෙෂ්" හෝටල් සමූහයේ හිමිකරුවකු වන උපාලි මහතා කීවේය. තවද මෙම සංචාරකයන්ට නිදහසේ තමන්ට රිසිසේ සතුටින් සිටිමීට අවකාශ සැලසිය යුතු බවද හෙතෙම කීවේය.

-දයා සිරිල් ධම්මික-