විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටුවන නව සන්ධානය “සමගි ජාතික බලවේගය” ‘National Peace Alliance’ ලෙස නම් කර ඇති අතර එහි ඡන්ද ලකුණ ලෙස “හදවත” තෝරාගෙන ඇති බව
මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

එම පක්ෂය ලියාපදිංචි කිරීමට අදාල ලියකියවිලි අද (10) පෙරවරුවේ දී මැතිවරණ කොමසාරිස් කාර්යාලයට බාර දී ඇත. එම පක්ෂයේ ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර නම් කර ඇත.

අද පස්වරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැත්වෙන විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී නව සන්ධානයේ නම සහ ලකුණ සම්බන්ධයෙන් වන එකඟතාවය ලබා ගැනීමට නියමිතයි.