නුරාධපුර නගරාසන්නයේ පිහිටි මිශ්‍ර පාසලක ඉදිකෙරෙමින් පවතින දැනට පාළුවට ගොස් ඇති තෙමහල් ගොඩනැඟිල්ලක පාසල් සිසුවියක හා සිසුවකු අඹු සැමියන් ලෙස හැසිරෙමින් සිටියදී එය හසුකරගත් නියෝජ්‍ය විදුහල්පතිනිය එම අවස්ථාවේ සිසුවාගේ පහරකෑමකට ලක්වී රෝහල් ගතකරන්නට සිදුවූ පුවතක් වාර්තාවේ.
ඔවුන් එසේ හැසිරෙන අයුරු එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය දුටු හෙයින් ඇයගෙන් බේරීමට සිතා සිසුවා
එල්ල කළ දරුණු පහරක් හේතුවෙන් සිහිසුන්ව බිම ඇදවැටී හිසට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඇයව ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාල ලැබූ නියෝජ්‍ය විදුහල්පතිනිය අනුරාධපුර
රෝහලේ පිහිටි රෝහල් පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබෙන අතර  ඇය පවසා ඇත්තේ
අදාළ විද්‍යාලයේ වාර්ෂික නිවාසන්තර ක්‍රීඩා තරගාවලිය සඳහා පුහුණුවීම් සිදුවෙමින් පවතිද්දී මෙම සිදුවීම සිදුවි තිබෙන බවයි.
සිද්ධිය වූ දිනයේ නිවාසාන්තර තරග පුහුණුව පැවති අතරවාරයේ නියෝජ්‍ය විදුහල්පතිනිය විද්‍යාලයේ අවට සංචාරයක නිරතවෙමින් සිටියදී දැනට අඩක් නිමකර ඇති තෙමහල් ගොඩනැඟගිල්ලේ ඉහළ මහලයේ යම් ශබ්දයක් ඇසීම නිසා සැකයකි පැනනැගී ඇති අතර එම ස්ථානයට ගොස් පරීක්සා කිරීමේදී ඇයට දෑස් අදහා ගැනීමට නොහැකි අන්දමින් තමන් හොඳින් දන්නා කියන එම පාසලේම සිසුවියක හා සිසුවකු නිර්වස්ත්‍රව අඹු සැමියන් ලෙස හැසිරෙමින් සිටින අයුරු දැක තිබෙයි. එය දුටුවනම ඇයට කෑගැසී ඇත. කෑගැසීමෙන් කලබලයට පත් සිසුවා අදාළ කාරිය අතරමග නවතා සැගවෙන්නට උත්සාහ දරා ඇත. සිසුවියද නිරුවතින් ඩෙස්පුටු අතරට මුවාවී ඇත.

පසුව විලි ලැජ්ජාවක් නැති දෙන්නෙක් මං පස්සෙ බලාගන්නමංකො යයි බැණවදිමින් නියෝජ්‍ය විදුහල්පතිනිය එතැනින් පිටව ගොස් ඇති අතර ඇය පිටව යමින් සිටි අතර ඇයට නොදැනුවත්වම අදාළ සිසුවා ඇය පසුපස ගොස් කිසියම් දෙයක් අතින් ගෙන ඇයට වැරෙන‍ෙ බිම ඇදවැටෙන ආකාරය පහරක් එල්ලකර ඇති අතර එම පහරෙන් බිම ඇදවැටී හිස පුපුරා ගොස් තිබේ. ලේගලමින් ඇය සිහිසුන්ව වැටී තිබෙන අතර සිසුවා හා සිසුවිය එම ගොඩනැගිල්ලෙන් පලාගොස් ඇත.

නියෝජ්‍ය විදුහල්පතිනියගේ වාසනාවට ශිෂ්‍ය නායිකාවක් සුළු වේලාවකදී එම ස්ථානය අසළින් යද්දී ඇගේ කෙඳිරිලි හඩ ඇසී එතැනට පැමිණ තිබෙන අතර සිහිසුන්ව ලේ ගලමින් සිටින නියෝජ්‍ය විදුහල්පතිවරිය දුටු සිසුවිය වහාම ඒ සම්බන්ධයෙන් විදුහලේ සිටි ගුරුවරුන් හා සිසුන් පිරිසකට දන්වා ඇය රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

පසුව ඇය විසින් සිදුවූ සිද්ධිය විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන්ට දන්වා තිබෙන අතර පාළු තෙමහල් ගොඩනැඟිල්ලේ තුන්වැනි මහලේ අඹු සැමියන් ලෙස හැසිරුණු සිසුවිය හා සිසුවා පලායෑමට එල්ලකළ ප්‍රහාරයෙන් සිහිසුන්වී බිම ඇදවැටුණ බව ඇය පවසා තිබෙනවා. අදාළ ස්ථානයේ තිබි සිසුවිය හැඳසිටි බවට සැකකරන යට ඇඳුමක් විද්‍යාලයේ ගුරුවරුන්ට පසුව හමුවී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ වූ සිසුවිය විද්‍යාලයේ අටවැනි ශ්‍රේණියේ හා සිසුවා දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නන් බවට අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත් සිසුවාගේ දෙමාපියන් හා විදුහල්පතිවරයා අතර පවතින හිතවත්කමක් නිසා විදුහල්පතිවරයා මෙම සිදුවීම සුළු දෙයක් ලෙස සලකා බැහැර කර තිබෙන අතර පරීක්ෂණයක් හෝ තවම පවත්වා නැත.
සිසුවාගේ පහරදීම නිසා නියෝජ්‍ය විදුහල්පතිනියගේ හිසෙහි බරපතළ පැළුම්
තුවාලයක් ඇති බවද අනාවරණය වෙයි.
බරපතළ තුවාල ලබා සිටින නි.විදුහල්පතිනියගෙන් ඒ පිළිබඳව විදුහල්පතිවරයා කිසිදු විමසීමක් පවා සිදුකර නොමැති බව විද්‍යාලයීය ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ ගැන විරෝධතාවයක් මතුකිරීමට මවුපියෝ  කටයුතු කරමින් සිටිති.