https://www.gossiplankanews.com/2020/02/airbus-fraud.html
යාර්බස් ගනුදෙනුව ගැන කාරණය කරළියට පැමිණියේ ශ්‍රී ලන්කන් ගුවසේවයේ එයාර්බස් ඒ–350 ගුවන්යානා ප්‍රසම්පාදනයක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් අනාවරණය වූ තොරතුරු අනුවය. මේ සම්බන්ධයෙන් කුමන අයුරකින් ඉදිරි පියවර ගතයුතුව තිබේදැයි සිතාගත නොහැකිව
මාස කිහිපයක් පුරාවට වගකිවයුත්තන් දෙපසට වැනෙමින් සිටි අවස්ථාවක හදිසියේම පසුගිය සතියේ පොලිසියට නියෝගයක් නිකුත් කළ නීතිපති ජනරාල් දෙපාර්තමේන්තුව වංචාවක් සිදුකර ඇතැයි යන චෝදනාව මත ශ්‍රී ලංකන් ගුවන්සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියකු වන කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිද වන නියෝමලී  විජේනායක මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දුනනේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔවුන් සිටින ස්ථානයක් සොයාගත නොහැකි වූ අතර රජයේ එක්තරා අමාත්‍යවරයෙක් පැවසුවේ ඔවුන් රටේ නොමැති බවය. පසුව යුවළ ගෙවුණු බදාදා අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවේ කාර්යාලයට පැමිණ භාරවිය. ප්‍රකාශ සටහන්  කරගැනීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මභතා හමුවට ඉදිරිපත් කරුණු අතර, දෙදෙනා ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මේ අනපේක්ෂිත සිදුවීමට මුල් වූයේ ශ්‍රී ලංකන් ගුවන්සේවයේ  විධායක නිලධාරීන්යකුයිගේ භාර්යාවකට බෘෘනායිහි ලියාපදිංචි කර තිබෙන, වෙනත් පුද්ගලයෙක් හෝ සමාගමක් වෙනුවෙන් පෙනී සිටින සමාගක් හරහා ඩොලර් ලක්ෂ 168.4ක් දක්වා මුදලක් දමා තිබෙන එයාර්බස් සමාගම, එයාබර්ස් ගුවන්වානා 10ක් මිලට ගන්නා ලෙසත් තවත් අමතර ගුවන්යානා 4ක් කල්බදු පදනම් යටතේ ලබාගන්නා ලෙසත් ශ්‍රී ලංකන් ගුවන්සේවය වෙත බලපෑම් කරන්නයි ඉල්ලා තිබෙන බවට බ්‍රිතාන්‍යයේ අධිකරණයක් හමුවේ අනාවරණය විමය.


ලන්ඩනයේ විශේෂ වංචා කාර්යාලය (එස්එෆ්ඕ) එසේ පිරිනමන බව පැවසුනු ඩොලර් ලක්ෂ 168.4 ක මුදලින් ගෙවා තිබෙන්නේ ඩොලර් ලක්ෂ 20ක මුදලක් පමණක් බව සොයාගෙන ඇතැයි අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු අනාවරණය විය. මිලදී ගැනීමට නියමිත වුණු  ගුවන්යානා 10න් 4ක් නව ඒ350-900 වර්ගයේ ගුවන්යානා වූ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළේ මෙම යනා සම්බන්ධයෙන්ය. ඒ අරබයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගත් තොරතුරු බ්‍රිතාන්‍යය අධිකරණයක් ඉදිරීයේ මෙම කාරණය සම්බන්ධයෙන්ම වූ වෙනත් කරුණු කාරණ අනාවරණය වනතෙක්ම පැවතියේ සැඟවීය.

අඩුම තරුමින් ශ්‍රී ලංකකන් ගුවන් සේවයේ එක් අධ්‍යක්ෂවරයෙක් මීට වසර 5කට පෙර සියල්ල නිසි අයුරින් සිදුනොවන බව අවබෝධ කරගෙන සිටියේ ය. ඔහු ගැටලුව මතු කළ ද ඒය ඉදිරියට ගෙන යාමෙහි ලා අසාර්ථක විය. මේ සිදුවිමේ සංක්ෂිප්තයක් ගෙනහැර දැක්වුවහොත්, එය මෙවැනිය.

2013 ජුනි මස 28 වැනිදා ශ්‍රී ලන්කන් ගුවන්සේවය  ප්‍රංශයේ එයාර්බස් එස්.ඒ.ඒ. සමාගම සහ ඒ 350-900 වර්ගයේ ගුවන්යානා 4ක්  නිෂ්පාදනය කිරීම සහ එම යානා ශ්‍රී ලිංකාව වෙත ප්‍රවාහනය කිරීම ද අතුළත් - ගුවන්යානා මිලදී ගැනීමේ ගිවිසුමක් ඇති කරගත්තේය. ගුවන්යානා මෙරටට ලබාදිය යුතු දිනයන් පිටුපස සඳහන් වුයේ 2020  වසරේ දෙවන කාර්තුවයි. අවසාන යානය 2021 වසරේ පළමු කාර්තුව ඇතුළත ලබාදිය යුතු විය.

ගුවන්යානා 4 මිලයට ගැනීම සදහා දිය යුතු වූ මුළු පිරිවැය ඩොලර් 222,356,600.85ක් විය. එය ඩොලර් මිලියන 2.2කට වැඩි නොඑසේ නම් ඒවක පැවැති විනිමය අනුපාතිකය අනුව රුපියල්  බිලියන 28.2කට වැඩි මුදලකි. 2012-2013  වකවානුවේ කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරන ලද මූල්‍ය තොරතුරුවලට අනුව ශ්‍රී ලංකන් ගුවන්සේවය උපයා ඇති බවට  වාර්තා කර තිබුණේ ඩොලර් මිලියන 948ක මුදලකි. එය මගීන් 4,140,305 ප්‍රමාණයකට ප්‍රවාහන පහසුකම්  සැපයීමෙන්ය.

2015-2016 සමයේ ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ සමස්ත කාර්යසාධනය ඩොලර් මිලියන 1251ක් වූ අතර, එය මගීන් 4,789,902කට්  ප්‍රවාහන පහසුකම් සැපයීමන් උපයා ගත්තක් විය. එනම්,එයාර්බස් ඇණවුමේ වටිනාකම ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ මෙහෙයුම් වියදමටත් වඩා ඉහළය. පුර්ව - ප්‍රවාහනය කිරීමේ ගාස්තු ලෙස ශ්‍රී ලන්කන් ගුවන්සේවය 2016 නොවැම්බර් මාසයේ සිට ගෙවීම් සිදුකළේය. එසේ ගෙවන ලද මුදල ඩොලර් 19,214,638.45ක් විය.මෙම මුදල ගෙවූයේ පූර්ව - ප්‍රවාහන ගාස්තුවක් ලෙස තවත් ඩෝලර් ලක්ෂ 75ක් ගෙවීමට අමතරවය. කෙසේවුවත් එම මාසයේදීම තවත් ගෙවීම් සිදුනොකිරීමට ශ්‍රී ලංකන් ගුවන්සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේ ය.

ඒ වනවිට  ගුවන්යානා ගනුදෙනුව සිදුවූ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය බලයෙන් පහව තිබිණි. බලයට පැමිණි සිටියේ යහපාලන රජයයි. විවිධ හේතු ගෙනහැර දක්වමින් තවත් ගෙවිම් සිදුකරන අතරම කාලය ගතවිය. කරුණු කාරණා අනාවරණය වීමට ගත්තේ 2016 වසරේ යහපාලන රජය පැවැති රෙජීමයේ මූල්‍ය කටයුතු විමසා බැලීමට ගත්විටය. ශ්‍රී ලන්කන් සේවය අයත් වූ පොදු කර්මාන්ත සහ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කබීර් හෂීම් මහතා, එක් ගුවන්යානයක් සඳහා ආසන්න වශයෙන් මසකට ඩොලාර් ලක්ෂ 14.5ක මුදලක් ගෙවිමට සිදුවන බව කැබිනට් මණ්ඩලය හමුවේ පැවසිය.

වසර 12ක කාලයක් පුරාවට එම ගෙවීම් සිදුකළ යුතුව තිබෙන බව 2017 අප්‍රේල් මස 19 වැනිදා දාතමින් යුතු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ඔහු කීවේය. මෙම ගනුදෙනුවේ මුළු පිරිවෑය ඩෝලර් ලක්ෂ 835ක් විමට යන බව අමාත්‍යවරයා පැවසුවේය. කල්බදු ගිවිසුම ඇතිකරගෙන තිබුණේ කල්බදු ක්‍රමයට ගුවන්යානා
සැපයීමේ සමාගමක් වන අර්කැප් සමඟය. 2014 වසරේ දී අර්කැප් සමාගම ජාත්‍යන්තර කල්බදු මූල්‍ය සම්පමේ සහතිකය ලබාගත්තේය. එම සහතිකය ලබාගැනීමට පෙර ද, ගිවිසුම් සිදුකර තිබුණේ අර්කැප් සමාගමටමය. එසේ සමාගම සමග ඇතිකරගෙන තිබුණූ ගිවිසුම ගුවන් යානයේ සැකිල්ල සහ තෙරපුම් පද්ධතිය (ප්‍රොපල්ෂන් සිස්ටම්) මිලදී ගැනීම් සඳහා පමණක් වීම මෙහිදී අවධානය යොමුකළ යුතු කාරණයකි.

ගුවන්යානයේ  වෙනත් අත්‍යාවශ්‍ය අංගෝපාංගයන්, එන්ජින් ද ඇතුලූව, මිලයට සහ  සපයා ගැනීම සඳහා වෙනත් සමාගම් සමග වෙන් වෙන්ම ගිවිසුම් ඇතිකරගෙන තිබිණි. උදාහරණ - රෝල්ස් රොයිස් සමාගම සමග නිෂ්පාදන සහ සේවා ගිවිසුමක්, සෝඩියැක් සිටි ෆ්‍රාන්ස් සමාගම සහ නව ආසන මිලයට ගැනීම සඳහා ගිවිසුමක්, තෙල්ස් ඒවියෝට්‍රොනික්ස් අයිඑන්සී   සමග ගුවන්යනයේ විනෝදාස්වාද උපකරණ මිලයට ගැනීම සඳහා ගිවිසුමක් සහ ගුවන් කුටිය නිර්මාණය කිරීම සඳභා ප්‍රංශයේ ලුක්ඩිසයින් සමාගම් සමග ගිවිසුමක්. ඒ350-300 ගුවන්යනා මිලයට ගැනීම අරබයා එයාර්බස් සමාගම් සමග එකිනෙකට වෙනස් ගිවිසුම් 3ක් ඇතිකරගෙන තිබිණි.

එක් එක් ගිවිසුම්වලට වෙන වෙනම ගෙවීම් සිදුකළ යුතුවිය. සන්ඩේ ටයිමිස් හට සියැසින් දැකගැනීමට හැකිවූ මෙම ගනුදෙනුවට අදාළ ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ අධ්‍යක්ෂ මණ්ඩල වාර්තා, වෙනත් ලිපිගොනු, කැබිනට් පත්‍රිකා යනාදිය එයාර්බස් ගුවන්යානා මිලට ගැනීමට කටයුතු කර තියන ආකාරයේ ඛේදජනක ස්වභාවය මොනවට කියා පෑයේ ය. ගනුදෙනුව සම්බන්ධයෙන් අදහස් විමසීමකට හෝ  උපකාරයක් ලබැලැනීමට කැබිනට් අමාතයවරුන්ට අවකාශ තිබි නැතිවා පමණක් නොව් ගිවිසුම් නීතිපතිවරයාගේ අධ්‍යයනයට හෝ යොමුකර නැත.

මෙතන දී මතුකර තිබෙන තර්කයවී ඇත්තේ ශ්‍රී  ලංකන් යනු සමාගමක් බවත්, රජයේ කොටසක්
නොවන බවත්ය. නමුත් එය පවත්වාගරනීමට වුවමනා වූයේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල්ය. මහා භාණ්ඩාගාරය ශ්‍රී ලංකකන් වෙත පොම්ප කළ මුදල් පතුලක් නොපෙනන ආගාධයකට දැමුවා වැන්නය.

ශ්‍රි ලංකන්  ගුවන්සේවය ලාභ ලබන රාජ්‍ය කර්මාන්තයක් බවට පත්කිරීම සඳහා එම සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ගොඩනැගීමට 2015 ජුනි මස 24 වැනිදා කැබිනටි අමාත්‍යවරු තීරණය කළහ. ඒ අරබයා නයිරාස් සහ ස්කයිවර්ක්ස් යන සමාගම් ද්විත්වයෙන් රජය උපදේශන සේවා ලබාගත් අතර, එම සමාගම් දන්වා සිටියේ එයාර්බස් ඒ 350-900 ගුයානයක් මෙහෙයුම් කටයුතුවලට ඒකතු කරගැනීම යනු වසරකට තවත් අමතර ඩොලර් ලක්ෂ 300ක පිරිවැයක් දැරීමට සිදුවන්නක් බැවින් එම යානා නිර්දේශ නොකරන බවය. ඒ අනුව ගිවිසුම අවලංගු කිරීමට රජය තීරණය කළේ ය. නමුත් කබිර් හෂීම් පැවසු ආකාරයට රජයේ එම තීරණයට එයාර්බස් සමාගම දක්වා තිබෙන ප්‍රතිචාරය මෙවැනිය.

අවලංගු කිරීම විකල්පයක් නොවේ. පටු බද (නැරෝ බොඩි) පන්නයේ ගුවන්යානා පමණක් ඇතුළත් කරෙන පරිදි ඇණවුම වෙනස් කිරීමට නොහැකිය. පුලූල් බඳ (වයිඩ් බොඩ්) ගුවන්යානා 4ක්, ඇතැම් විට අමතර පටු බද ගුවන්යානයක් සහ ලබාදීමට හැකිය.පූර්ව ප්‍රවාහන ගාස්තු ගෙවීමට අපොහොසත් විම ශ්‍රී ලංකන් සහ එයාර්බස් සමාගම අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම උල්ලංඝණය  කරන්නක් බවත්, එවැනි අවස්ථාවක ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මුදල් ලබාගැනීමට එයාර්බස් සමාගමට හැකියාවක් තිබෙන බැවිත්, එම සමාගම දන්වා සිටියේ ය. ගිවිසුම් සැබෑවින්ම සකස්ව තිබුණේ එයාර්බස් සමාගමට වාසි සහගත වන පරිදිය.

එයාර්බස් ගනුදෙනුව අවලංගු කිරීමට රජය තීරණය කළේ මෙම අවස්ථාවේදීය. මේ අරබයා විමර්ශනයක් පැවැත්වීම පළමුවෙන්ම භාර කැරුණේ අපරාධ පරීක්ෂණ දේපාර්තමේනතුවටය. එම විමර්ශනයෙන් අනාවරණය වන තොරතුරු සම්බන්ධයෙන් තමන්ව දැනුවත් කරන තෙක් ගුවන්යානා මිලයට ගැනීමේ ගිවිසුම් සම්බන්ධව වැඩිදුර සාකච්ඡා කිරීම ඒයාර්බස් සමාගම ප්‍රතික්ෂේප කළේ ය. ඒ සියල්ල එක තැනක සිරකරවීමට සමත්විය. මේ අතරවාරයේ රජය සිටියේ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා භාවිත කළ හැකි ප්‍රභවයන් සොයමින්ය.

2015 ඔක්තෝබාර් මස 27 වැනිදා පැවැති ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වාර්තාව දකගැනීමට සන්ඩේ ටයිම්ස් හට හැකිවිය. එවක අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ අජිත් ඩයස් මහතාය. එම වාර්තාව මෙසේය. ස්විට්සර්ලන්තයට සහ එක්සත් රාජධානිය වෙත එයාර්බස් සමාගම සපයා තිබෙන ගුවන්යානා මුල්කරගෙන එම සමාගමට එරෙහිව නැගී තියන දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් යුරෝපා සංගමය විමර්ශනයක් පවත්වමින් සිටින බව අධ්‍යක්ෂ ජෝසප් එම්.එස්. බ්‍රිටෝ මහතා පැවසුවේ ය. එනිසාවෙන් එයාර්බස් සමාගමේන් ගුවන්යානා මිලයට ගැනීම ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ පැහැදිලි කැමැත්ත මත සිදුව තිබෙන්නක් නොවන බැවත්, එපමණක් නොව එම ගනුදෙනුව සම්පුර්ණ වශයෙන් වානිජ්‍යමය කාරණා මත පමණක් නොව අනෙක් විවිධ මූල්‍යමය කාරණා සැලකිල්ලට ගෙන සිදුකෙරු කරුණක් බවත් දක්වා, එසේ හෙයින් ගනුදෙනුව තහවුරු කරගැනීමේ දී යම්කිසි සාවද්‍ය කටයුත්තක් සිදුවූ දැයි තහවුරු කරන ලෙස ඉල්ලා එම සමාගමට ළිපියක් යොමුකරන්නේ නම් එය අගය කරන බව ඔහු කීවේ ය.

කල්බදු පදනම යටතේ ඒ 350 යානා ලබාගෙන තිබෙන්නේ එක් යානයක් ඩොලර් ලක්ස 14ක මුදලකට බවත්, නමුත් ගිවිසුම අත්සන් තැබුණු සමයේ එම  යානයක මිල වූයේ ඩොලර් ලකිෂ 12ක් බවත්, ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය. අධ්‍යක්ෂ බ්‍රිටෝ ගුවන්යානා මිලයට ගැනීම සඳහා එයාර්බස් සමාගම වෙත යොමුකිරීමට තිබූ ලිපිවල, එන්ජින් මිලයට ගැනීම සඳහා රෝල්ස් රොයිස් සමාගම වෙත යොමුකිරිමට නියමිතව තිබූ ලිපිවල, කල්බදු ක්‍රමය යටතේ ගුවන්යානා ලබාගැනීම සඳහා අර්කැප් සමාගම වෙත යොමුකිරීමට නියමිතව තිබූ ලිපිවල, කෙටුම්පත් සභාගත කළේ ය. ප්‍රධාන විධායක නිලධාරීයා (ආරාධනයක් මත පැමිණ සිටි) එම ලිපි අදාළ පාර්ශ්වයන්ට යොමු කිරිමට එකඟ විය.

යුරේපා කොමිසමේ සභාපතිවරයාටත් පිටපත් කර තිබූ මෙම ලිපි එසේ යොමු කිරීම සඳහා, එම සභාපතිවරයාගේ ලිපිනය එවීමට අධ්‍යක්ෂ එන් ද සිල්වා දේවා ආදිත්‍ය මහතා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. බ්‍රිටොගේ ඉල්ලීම සම්බන්ධයෙන්   කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනිණි. 2015 නොවැම්බර් මස 24 වැනිදා පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී ඔහු නැවතත් මෙම ගැටලු මතු කළේ ය. එම  රැස්වීම් වාර්තාවේ සඳහන් වන්නේ මෙවැන්නෙකි. එයාර්බස් සමාගම සහ රෝල්ස් රොයිස් සමාගම වෙත ලිපි යොමු කිරීම අරබයා තමා කළ ඉල්ලීම බ්‍රිටෝ සිහිපත් කළේ ය. මේ නවිට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම එයාර්බස් සමාගම සමගත් රෝස් රොයිස් සමාගම සමගත් 350 යානා

සඳහා එන්ජිමක් ලබාගැනීම අරබයා සාකච්ඡා පවත්වමින් සිටින බව එම අවස්ථාවේ දී සදහන් කළ සභාපතිවරයා, ශ්‍රි ලංකන් සමාගම එම එන්ජිම නියත වශයෙන්ම ලබාගන්නා බව එම සමාගම්වලට දන්වා තිබෙන්නේදැයි පෙන්වා දුන්නේය. 2020 දී ලැබීමට නියමිත ඒ 330 යානයක් සම්බන්ධයෙන් ද, සාකච්ඡා පැවැත්වෙමින් තියෙන බව ඔහු පැවසුවේ ය. සමාගමේ ප්‍රධාන නිලධාරීන් - ප්‍රධාන විධායක නිල්ලාධාරී, ප්‍රධාන තාක්ෂණික නිලධාරී සහ මැණික් ගුණසේකර (සීසීඒඕ), එසේ ළිපි යොමු  කිරීමෙන් දැනටමත් ගිවිසුම්වලට එළැඹ තිබෙන එම සමාගම් සමග ශ්‍රී ලංකන් ගුවන්සේවයට පවතින සබඳතාවලට පලූදු වනු ඇතැයි මතයක සිටින බව සභාපතිවරයා කීවේ ය. මේ අරබයා මයුක රණසිංහගේ ද, (එච්ජීඑල්ඒ) අදහස් ලබාගෙන තිබිණි.

රෝල්ස් රොයිස් සමාගම සමග සහ එයාර්බස් සමාගම සමග වර්තමානයේ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන හෙයින් සඳහන් කැරුණු ලිපි එම සමාගම් වෙත යොමු කිරීම සුදුසු නොවන බව ගුණසේකර මෙනවිය පෙන්වා දුන්නා ය. එයට අධ්‍යක්ෂ මණ්ඩලය ඒකක විය. මෙහෙයුම් කටයුතු සදහා අලුතින් ගුවන්යානා එකතු කරගැනීම සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය සහ අපරාධ පර්යේෂණ දේපාර්තමේන්තුව පවත්වමින් සිටින විමර්ශනයන් හමුවේ බරපතළ අනාවරණයක් රැසක් සිදුව තිබෙන බව සභාපතිවරයා පැවසුවේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීම් වාර්තාවට ඇතුළත් කරුණු, නමුත් අදාළ පාර්ශ්වයක් වෙත නොයැවුණු, බ්‍රිටෝගේ ලිපියක්  අනාවරණය වන කරුණු කාරණා බෙහෝය. එය මෙසේය.

ගුරු මහරුත්වරුනි ,
2016 ඔක්තෝබර් සිට 2020 දක්වා වන කාලය අතරතුර ශ්‍රී ලන්කන් ගුවන්සේවය වෙත ලබාදීමට නියත ඒ 350900 වර්ගයේ ගුවන්යානා 8 මිලයට ගැනීම සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරමු. මෙම ගුවන්යානා මිලයට ගැනීමේ තීරණයට හුදෙක් වානිජ්‍යමය කාරණා මත පමණක් නොව වෙනත් මුල්‍යමය කරුණු කාරණ පදනම්ව තිබෙන බව පෙනෙන්නට ඇති හෙයින්, මෙම යානා ලබාගැනීම අප ගුවිසේවයේ පරමා වුවමනාන් හා නොගැළපෙන බවට ලොව පිළිගත් ස්වාධින ගුවන්සේවා උපදේශන සමාගම් ද්විත්වයක් අපව දැනුවත් කර තිබේ.

එපමණක් නොව මෙම ගුවන්යානා සඳහා අප ගෙවා තිබෙන මුදල, එම, සමයේ පැවැති වෙළඳපළ අගයට වඩා බෙහෙවින් ඉහළ බවට ද, අපව දැනුවත් කර තිබේ. මේ කාරණා සැලකිල්ලට ගෙන ශ්‍රී ලන්කන් ගුවන්සේවය වෙත මෙම යානා විකිණීම සඳහා පහසුකම් සැපයු තෙවන පාර්ශවය එජන්තවරයක් සහ උපදේශකවරයක් සමග ඔබ කටයුතු කළා ද, නැතහොත් ගනුදෙනු කළා ද, යන්න දැනගැනීමට අප කැමැතිය. එසේ කර තිබේ නම්, ශ්‍රී ලන්කන් ගුවන්සේවය මෙම ගුවන්යානා මිලයට ගැනිමේ ප්‍රතිඵලයක් ලෙස එවැනි පාර්ශවයකට ගෙවා තිබෙන හෝ නැවත ගෙවිය යුතුවන ගාස්තු හෝ වේවා කොමිස් මුදල් හෝ වේවා වැටුප් හෝ වේවා, එම වටිනාකම ද ඔවුන්ගේ නම, ලිපිනය සහ අදාළ සම්පුර්ණ තොරතුරු ද, අප වෙත ලබාදීමට කටයුතු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

මෙසේ පහසුකම් සපයා පුද්ගලයිනෙ හෝ ඒජන්තවරුන්, එසේ කටයුතු කර තිබෙන්නේ සමාගමක හෝ සීමාසහිත සමාගමක නමින් නම්, මෙම එකදු හෝ ගුවන්යානයක් විකිණිම සදහා ඔබ එසේ සබදතා පැවැත් වූ එවන් සමාගමක් නියෝජනය කළ සියලුම පුද්ගලයින්ගේ නම් ලබාදෙන මෙන්ද ඉල්ලා සිටිමු. මිලයට ගනීමේදී කටයුතු සිදුව තිබුන ආකාරය සම්බන්ධයෙන් අප කිසිවක් පැහැදිමකින් නොසිටින බැවින් ද, එයාර්බස් ගුවන්යානා විකිණමේ දී සිදුව ඇතැයි චෝදනා නැගී තිබෙන දුෂිත ගනුදෙනු සම්බන්ධයෙන් යුරෝපා කොමිසම අන්තර්ජාතික මට්ටමේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවට අපව දැනුවත් කර තිබෙන හෙයින් ද, මෙම කාරණා සම්බන්ධයෙන් පසුවිපරමක යෙදෙනු වස් මෙය යුරෝපා සංගමයේ සභාපතිවරයාට පිටපත් කිරීමට ද, අප කටයුතු කරමු. ඔබ ලබාදෙන සහායට අප ස්තූතිවන්ත වන අතර, ඔබගේ සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වෙමු.


මුදල් අමාත්‍යාංශය ද, එකඟතාවය පළවු කොන්දෙසි මත සකස් කැරුණු ගනුදෙනුව අවලංගු කිරීමේ ගිවිසුමු මෙසේ බව 2017 අප්‍රේල් මස 13 වැනිදා කැබිනට් පත්‍රිකාවක් යොමු කරමින් අමාත්‍ය කබිර් හෂීම් පැවසුවේය.

• එයාර්බස් ඒ 350-900 අවන්යානා ගිවිසුම අවලංගු කිරිමේ ගාස්තුව-ඩොලර් ලක්ෂ 1540
 • එයාර්බස් ඒ 350-900 ගුවන්යානා ත්‍රිත්වය සඳහා අඩු කරුණු ගිවිසුම
• අවලංගු කිරීමේ ගාස්තුව ඩොලර් ලක්ෂ 980
• ආරක්ෂිත තැන්පතුව (දැනටමත් ගෙවා ඇත)-ඩොලර් ලක්ෂ 75
 • ශ්‍රී ලන්කන් ගුවන්සේවය සිදුකළ යුතු ගෙවිම ඩොලර් ලක්ෂ 905

මෙම එකඟතාවය අර්කැප් සමාගම මඟින් ලංකා ගුවන්සේවය වෙත කල්බදු පදනම යටතේ ලබා දී තිබුණු පසුව ශ්‍රී ලන්කන් ගුවන්සේවය එම ගෙවීම් භාරගත්, පටු බද ගුවන්යානා දෙකක් සදහා අදාළ වීය. දීර්ඝ සාකච්ඡාවකින් පසුව ගුවන්යානා ත්‍රිත්වයේඇනවුම අවලංගු කිරීම සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත අවසරය ලබාදෙනු ලැබුණු අතර, ඩොලර් ලක්ෂ 750 -850 අතර මුදලක පිරිවැයක් දරා ගැටලුව අවසානයක් කළ යුතු විය.

ආර්ථික සංවර්ධනය වෙනුවෙන් වු කැබිනට් කමිටුවේ රැස්වීම වාර්තාවක (මේ සදහා අනුමැතිය ලබාදුන්) එසේ සඳහන් වේ. නමුත් සන්ඩේ ටයිම්ස් ඇස ගැටුණු ශ්‍රී ලන්කන් ගුවන්සේවය සහ අන්තර්ජාතික මුල්‍ය සහ කල්බදු සමාගම් අතර 2016 ඔක්සතෝබර් මස 4 වැනිදා ඇතිකරගෙන තිබෙන, අවලංගු කිරීම් සහ සංශෝධනය කිරිම යන මාතෘකාව දරන ගිවිසුම ප්‍රකාරව මාස 8ක් ඇතුළත කල්බදු ගෙවීම් සිදුකළ යුතු පර්ශවය, කල්බදු පහසුකම් ලබාදෙන පාර්ශවයට ඩොලර් 146,000ක මුදලක් ගෙවිය යුතුයි. ශ්‍රී ලන්කන් ගුවන්සේවය වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් තබා තිබෙන්නේ එවක ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ සුරෙන් රත්වත්තේ මහතාය.

අන්තර්ජාතික මුල්‍ය සහ කල්බදු සමාගම නියෝජනය කරමින් ඊට අත්සන් තබා තිබෙන්නේ එහි ප්‍රධාන විධායක නිලධාරී ෂොන් සුලෙයිවන්ය. එයාර්බස් සමාගම වසාගෙන සිටින අයුරු වළා සමුහයක් හා අභිරහස්මය ගැටලු ගොන්න මෙන්ම, ගිවිසුම අවලංගු කිරිම වෙනුවෙන් සැබෑවටම කොපමණ මුදලක් ගෙවා ඇති ද, යන්නත් අභිරහසකි.

එයාර්බස් ඒ 350900 යානා සඳහා ගෙවන ලද මුදල් සියල්ල වාතලයට මුසුව ගොස් තිබෙන්නේ ශ්‍රී ලංකාවට හෝ ශ්‍රි ලංකන් ගුවන්සේවයට හෝ කිසිදු ප්‍රතිලාභයක් ලබා නොදිය. මෙසේ සිදුව තිබෙන්නේ මගීන් හමුවීමට නියමිත වේලාව පසුවු අවස්ථාවක පැමිණි ආගන්තුකයකුගෙන් රුපියක් 5ක් ලබාගෙන රෝගියා හමුවීමට අවස්ථාව සලසා දුන් යැයි රෝහලක සිටී මුරකරුවෙක් අත්අඩංගුවට ගැනුණු රටකය.

එම මුරකරුවාව පළමු වතාවේදීම සති දෙකකට රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරණි. ශ්‍රී ලංකන් ගුවන් පාරාදීසයේ සැරිසරා  තිබෙන්නේ අතළොස්සකි. පැනය වන්නේ එම අතලොස්සක දෙනා කවුරුන් ද, යන්න අනාවරණය කරගැනිමට හැකිවනු ඇති ද යන්නය.