කොරෝනා ආසාදනයට ලක්ව ප්‍රතිකාර ලබා සම්පූර්ණයෙන් ම සුවය ලැබූ චීන ජාතික කාන්තාව අද (19) ප්‍රතිකාර ලබමින් සිටි ජාතික බෝවන රෝග විද්‍යාතනයෙන් පිටව ගියාය. රෝහලෙන් නික්මෙන අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා
වන්නි ආරච්චි මහත්මිය  විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ද මේ අවස්ථාවට එක්ව සිටි අතර චීන ජාතික කාන්තාව නැවත ලංකාවට පැමිණෙන බවත් කළ සියලු උපකාර වලට තුතිපුදන බවත් සඳහන් කළාය.බුදු දහම අදහන්නියක
වන ඇය පිටව යාමට පෙර රෝහලේ බුදු මැදුරට ගොස් බුදුන් වැන්දාය.
චීනයේ වුහාන්හි පදිංචිකාරියක වූ ඇය දැනට වෛරස ආසාදනය නිසා  ඇතුළුවීම සීමාකර ඇති වුහාන් මගහැර චීනයේ වෙනත් පළාතකට පිටත්ව යන බව වාර්තා විය.